Home » පොහොට්ටුවේ තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක්

පොහොට්ටුවේ තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක්

by Nirodha Gamage

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අනුව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමිව ඇති ආසන 113 ක සරල බහුතරය අහිමිවීමේ අවධානමක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති අතර, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂ නායකත්වයට ඉදිරිපත් කළ දුක්ගැනවිලිවලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීමේදී ආණ්ඩු පක්ෂයට ඡන්ද 134ක් හිමිවූ අතර 2023 අයවැයට පක්ෂව ලැබුණේ ඡන්ද 123ක් පමණි. ඒ අනුව දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට බලය අහිමිවීමේ අවධානමක් පසුගිය කාලය පුරාම පැවති අතර මෙම නව තීරණයත් සමග ආණ්ඩුවේ බලය පාර්ලිමේන්තුව තුළ තවත් දිගු කාලයක් පවත්වා ගැනීම අභියෝගයක්ව පවතින බව තහවුරු ව තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions