Home » පොහොට්ටුවේ කසිප්පු අපේක්ෂකයා මාට්ටු

පොහොට්ටුවේ කසිප්පු අපේක්ෂකයා මාට්ටු

by Nirodha Gamage

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන 25 හැවිරිදි අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කාලයක් තිස්සේ සිට කසිප්පුජාවාරමේ නිරතව සිටි අයකු බවටද තොරතුරු ලැබී ඇති අතර මාදම්පේ පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත උඩලවෙල ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකර කසිප්පු තොගයලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෙම අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු මෙම කසිප්පු බෝතල් තොගය මාදම්පේ සිට ගල්මුරුව ප්‍රදේශයේ අයෙකුට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු හෙළි වී තිබේ..

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions