Home » පොලිසියේ 4 ක් එංගලන්තයේදී පනිති

පොලිසියේ 4 ක් එංගලන්තයේදී පනිති

by Nirodha Gamage

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

පසුගිය මාසයේ පැවති 65 වැනි ජාත්‍යන්තර පොලිස් සමුළුවට සහභාගි වීම සඳහා නිලධාරීන් හය දෙනෙකු එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

ඔවුන් නැවත සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණේ ජුනි 4 වැනිදාය. කෙසේ වෙතත් මෙම සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

පසුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා විදේශ ගතවී මෙරටට පැමිණ නොමැති බවයි.

ඒ අනුව ජූනි 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් නිලධාරීන් සිව්දෙනාට නොතීසි නිකුත් කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions