Home » පොදු අපේක්ෂක සටනට ෆොන්සේකා වැඩ අල්ලයි

පොදු අපේක්ෂක සටනට ෆොන්සේකා වැඩ අල්ලයි

by Plus One

2024 වසරේ ජනාධිපතිවරණයක් නියත වශයෙන් පැවැත්වීමට සිදුවන බව අප කාටත් නොරහසකි. ඒ සදහා වෙනදාට වඩා දේශපාලන කණ්ඩායම් අතර විශාල උනන්දුවක් ඇති වී ඇත්තේ දේශපාලන බලය කාටවත් කේන්ද්‍රගතව නැති බැවිනි. එබැවින් කිසියම් පුද්ගලයෙකුට හෝ පක්ෂයකට හෝ කදවුරකට තනිව ජයග්‍රහණය කල නොහැක.

මේ හේතු කොට ගෙන ඉතිහාසයේ නොවූ පරිදි එක් එක් පුද්ගලයන් ජනාධිපතිවරණයට පෙර පොදු අපේක්ෂකයා වීමට එක එක ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම හිතවත් කදවුරු අතර තරග වදිමින් ඇත. ඒ නම් කිහිපයක හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමද කියවේ.

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් පහුගිය අරගලයටද සම්බන්ධ වෙමින් දිගින් දිගටම අරගලයේ කණ්ඩායම් හා එක්ව ගමණක් යාමට දැන් පටන්ගෙන ඇත.

ඒ අනුව ඔහුගේ නායකත්වය යටතේ ඔහුගේ සමීපතනයන් හා ගාලුමුවදොර අරගලයේ ප්‍රධානීන් කිභිපදෙනෙකුද සමග නිරායුධ අරගලය මහජන විප්ලවය කරා නමින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එම සංවිධානය මගින් අගෝස්තු 11 වන දින වත්මන් ආණ්ඩුවට විරුද්ධව කොළඹදී උද්ගෝෂණයක් සංවිධානය කර ඇත.

මෙම උද්ගෝෂණය වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ගෝෂණයක් පමණක් නොව මෙය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීළග පොදු අපේක්ෂකයා වීමට කරන තරගයේ ආරම්භය වනු ඇති බවනම් අපගේ නිගමනයයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions