Home » පේරාදෙණිය සරසවි ශිෂ්‍යන්ට රිටන් එක දෙන අචාර්යවරුන්

පේරාදෙණිය සරසවි ශිෂ්‍යන්ට රිටන් එක දෙන අචාර්යවරුන්

by Plus One

පසුගිය 10 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයා ට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ලබන 18 වනාදා දක්වා ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද සිට ලබන 18 වනදා දක්වා විභාග රාජකාරී ඇතුළු සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (13) පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබු බව අපට වාර්තා වුණා.

එහිදී ඔවුන් විසින් නිවේදනය කළේ ආචාර්යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වර්තමානය වන විට, විශ්ව විද්‍යාලයෙන් බාහිරව සමාජ කතිකාවතක් පවා ගොඩනැගෙමින් පවතී.

එහිදී මෙම අත්තනෝමතික ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කරන ශිෂ්‍යයන් හා ඔවුන් හා බැඳුණු වමේ දේශපාලන පක්ෂයක් වූ පෙ.ස.ප ට විරුද්ධව දැඩි සමාජ මතයක් ගොඩනැගී ඇති බව අපට වැඩිදුරටත් දැනගන්නට ලැබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions