Home » පැලෝපීය නාලය උපුටා දක්වා ජාතිවාදය ඇවිළවූ චන්න ජයසුමන අද සමගි ජන බලවේගයේ – විජිත හේරත්

පැලෝපීය නාලය උපුටා දක්වා ජාතිවාදය ඇවිළවූ චන්න ජයසුමන අද සමගි ජන බලවේගයේ – විජිත හේරත්

by Plus One

පැලෝපීය නාලය උපුටා දක්වා ජාතිවාදය ඇවිළවූ චන්න ජයසුමනලා අද නතරවී සිටින්නේත් වඳ සැත්කම් කළැයි කියූ වෛද්‍ය සාෆි මෙන්ම හකීම්ලා සහ බදුර්දීන්ලා ඉන්නේත් සමගි ජන බලවේගයේ බවත් අපේ රටේ දේශපාලනයේ මේ අමානුෂික කම පාලකයන් විසින් බලය ගන්නත් බලය පවත්වා ගෙන යන්නත් පාවිච්චි කළ බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 06 වෙනිදා පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමිණි,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,

“ජාතික ජන බලවේගය මහා දැවැන්ත සංවිධානමය ශක්තියක්, ප්‍රතිපත්තියක්, මත ගොඩනැගුණු ව්‍යාපාරයක්. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා මහත්ම මහත්මීන් විශාල කැපකිරීමක් කරමින් දිස්ත්‍රික්කය පුරා ගොස් ශ්‍රමය, ධනය කැපකරමින් අද (06) ශාලා දෙකක් පිරී ඉතිරී යන ආකාරයෙන් දිස්ත්‍රික් සමුළුව පවත්වනවා. නයිවල මේ ජයසිංහ ශාලාව කියන්නෙත් විශේෂයක්. මේ සමුළුවට ශාලාව නොමිලේ ලබාදුන්නේ එහි හිමිකරු ජයසිංහ මහත්මයා. මෙවැනි ශාලාවක් නඩත්තු කරමින් පවත්වාගෙන යාම පවා නොහැකි වි තිබෙන ආර්ථික වටපිටාවක නොමිලයේ ලබාදීමන් සනාථ වන්නේ සාමූහික මහා ජන ප්‍රජාවක එකතුවක් සහ නායකත්වයක් අප ගොඩනගා ඇති බවයි.

වැට්ටවූ ආර්ථිකයෙන් මේ රට ගොඩගැනීමේ බලවේගය බවට මාලිමාව පත්වෙන බව දැන් ඔප්පු කර අවසන්. රනිල් වික්‍රමසිංහ ඇවිත් ජාත්‍යන්තරයේ යාළුවන්ගේ උදව්වෙන් රට ගොඩගන්නා බව කීව්වා. භාණ්ඩ හා සේවා මිල වැට් බදු නිසා දහස් ගුණයකින මිල නංවා ජීවිත තවත් බිඳවට්ටා ඉවරයි. රනිල් වික්‍රමසිංහ කළ එකම දේ එළියට එන්න බැරිව සිටි හොරුන්ට, දූෂිතයන්ට එළියට එන්න පාර හදාදීමයි. අපේ ආර්ථිකය හැදුවේ නැහැ. ඉතිහාසයේ පළමුවැනි වතාවට පාසල් දරුවන්ගේ බස් සීසන් එකත් කප්පාදු කළා.

පාලකයන් ජනතාව මත පීඩනය ඇති කරමින්, ඒ අවධානය වෙනතක යොමු කරන්න ජාතිවාදය යොදා ගත්තා. වඳ සැත්කම් පිළිබඳ දොස්තරලා සිටින බව ප්‍රචාරය කර සමාජ වෛරයන් නිර්මාණය කළා. තමන්ගේ ආත්මගරුත්වය පවා නොසලකා කාන්තාවන් ඉදිරිපත්වී තමන්ද වඳ සැත්කමට ගොදුරුවී ඇති බව ප්‍රචාරය කළා. ජීව විද්‍යා ගුරුවරුන්, වෛද්‍ය විද්‍යා මහාචාර්යවරුන් පවා වඳ සැත්කම් මතය සමාජගත කර පසුව සමාව ගත්තා. නමුත් එයින් සමාජය තුළ ඇති වුණු, වෛරය පිළිබඳව, සල්ලිවලට ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව මිනුම් දණ්ඩකින් මනින්න බැහැ. එවැනි මතවාද නිර්මාණය කර, රාජපක්ෂලා ජයග්‍රහණය කරවපු, චන්න ජයසුමනලා අද නතර වෙලා ඉන්නේ කොහේද? පැලෝපීය නාලය උපුටා දක්වා ජාතිවාදය ඇවිලවූ ඔහු අද ඉන්නේ සමගි ජන බලවේගයේ. දොස්තර සාෆි ඉන්නෙත්, හකීම්ලා බදුර්දීන්ලා ඉන්නෙත් සමගි ජන බලවේගයේ. අපේ රටේ දේශපාලනයේ මේ අමානුෂිකකම පාලකයන් විසින් බලය ගන්නත්, බලය පවත්වාගෙන යන්නත් පාවිච්චි කළා.

යුද්ධය කියන්නේ ජාතිවාදී බල වුවමනාවෙ ප්‍රතිඵලයයි. අපි ඒකෙ කොටස්කරුවන් නොවෙයි. බලය වෙනුවෙන් පාලකයන් නිර්මාණය කළ දෙයක්. මේ පාලකයන් ඉතිහාසයේදී හැදූ උගුල්වලට අපි හසුවුණා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය විදිහට අද තේරුම්ගෙන තිබෙනවා ජාතිවාදී මඩ ගොහොරුවට අනාගතයේ කිසිම දවසක නොවැටෙන බව. ජාතිවාදයට එරෙහිව කටයුතු කරන බව අද නයිවල ශාලාවේදී ඔප්පු කර තිබෙනවා. සජිත් ප්‍රේමදාසලා වැනි නායකයෝ ඒ ජාතිවාදී ඕනෑම කුණු ගොඩක් බාරගෙන ඉතිහාසයේ කැරකොප්පුවට ගියාට අපි ඒ තැනට වැටෙන්නේ නැති බව අඛණ්ඩව ඉතාම අසීරු අවස්ථාවලදී පවා ක්‍රියාකාරිත්වයෙන්ම ඔප්පු කර තිබෙනවා.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions