Home » පාපන්දු නිල වරණය පැවැත්වෙන දිනය…

පාපන්දු නිල වරණය පැවැත්වෙන දිනය…

by Nipuna Fernando

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමාර් විසින් සහ පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ විසින් ඉදිරිපත් කල නඩුව ඊයේ (20) අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අතර මෙහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් දින 69 ක් ඇතුලතදී පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව අධිකරණය හමුවේ සඳහන් කරන ලදි. 2022 ඔක්තොම්බර් 26 බදාදා දින නැවත නඩුව කැදවීමට අධිකරණය තීරණය කල අතර එදිනට පාපන්දු සම්මේලනයේ නිලවරණය පවත්වන දින නිශ්චිත ලෙස දන්වන ලෙසට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලදි. පාපන්දු නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් පාපන්දු ලීග 40ක් මෝසමක් මාර්ගයෙන් මැදිහත් පාර්ශවක් ලෙස මෙම නඩුවට එක් වී ඇති බව ජස්වර් උමාර් මහතා සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions