Home » ප්‍රවේසම්වන්න: කොළඹ වාතය හුස්ම ගැනීමට නුසුදුසු මට්ටමට

ප්‍රවේසම්වන්න: කොළඹ වාතය හුස්ම ගැනීමට නුසුදුසු මට්ටමට

by Nirodha Gamage

අද (මාර්තු 11) උදෑසන ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය පහත වැටුණු අතර, කොළඹ වායු තත්ත්ව දර්ශකය (AQI) ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමට (සංඛ්‍යාත්මක අගය 151-200 අතර) ළඟා විය.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් ස්ථාපිත කර ඇති වායු තත්ත්ව නිරීක්ෂකයට (AQM) අනුව, කොළඹ වාතයේ ගුණාත්මකභාවය අද පෙරවරු 11.00 වන විට AQI දර්ශක අගය 152 දක්වා පහත වැටී ඇත.

මේ අතර, ස්විට්සර්ලන්ත වායු තත්ත්ව තාක්‍ෂණ සමාගමක් වන IQAir හි සංඛ්‍යාලේඛන පෙන්නුම් කළේ යාපනයේ වාතයේ ගුණාත්මකභාවය AQI දර්ශක අගය 155 දක්වා පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත්, IQAir දත්ත වලට අනුව නුවරඑළිය, මීගමුව, දඹුල්ල, අම්බලන්තොට, රත්නපුර සහ ගම්පහ යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින බව නිරීක්ෂණය විය.

බත්තරමුල්ල සහ මහනුවර ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර ලෙස සැලකෙන මට්ටමක් වාර්තා කර ඇත්තේ මෙම ප්‍රදේශ වල AQI දර්ශක අගයන් පිළිවෙලින් අද උදෑසන 136 සහ 107 දක්වා ළඟා වූ බැවිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions