Home » ප්‍රංශ රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ, තරුණයෙක්ට තැනක් දෙන්නෙ නෑ

ප්‍රංශ රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ, තරුණයෙක්ට තැනක් දෙන්නෙ නෑ

by Plus One

අවුරුදු 34ක් හැවිරිදි ලස්සන කොල්ලෙක් ප්‍රංශ ඉතිහාසය අලුතින් ලියයි.

ප්‍රංශයේ ඉතිහාසය අලුතෙන් ලියලා තියෙන්නේ අවුරුදු තිස් හතරක් වුන ගාබ්‍රියල් අතාල් Gabriel Attal. ඒ ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැතිවරයා විදිහට ඊයේ (2024-01-09 ) පත්වීමත් සමඟ.
ඔය පල්ලෙහා ඉන්නේ ඒ තරුණයා. ඉපදිලා තියෙන්නේ 1989 මාර්තු 16 වැනිදා. අගමැතිකම ගන්න කලින් ඔහු ඒ රටේ අධ්‍යාපන ඇමති විදිහට වැඩ කරපු ප්‍රබල චරිතයක්.

වැඩේ තියෙන්නේ, ප්‍රංශය කියන්නේ ලෝක ආර්ථික බලවතුන් අතර පළමු දහය අතර ඉන්න රටක්. එක්සත් ජාතීන්ගේ නිත්‍ය සාමාජිකත්වය හිමි රටක්. කෙටියෙන් කිව්වොත් ලෝක බලවතෙක්. ඔවුන් ලෝක බලවතුන් අතර මුල් හතර පස් දෙනා අතර ඉන්නවා. යුද ශක්තිය, අර්ථික ශක්තිය, තාක්ෂණය වගේ කොයි පැත්තෙන් ගත්තත් ඔවුන් ලෝකයේ ගොඩක් ඉදිරියෙන්.

ඒ වගේ බලවත් තැනක තාරුණ්‍යට රටේම වගකීම් දෙන්නේ අන්න ඒ විදිහ. අපේ වගේ රටක තරුණ තරුණියන්ට අගමැතිකම් කෙසේ වෙතත් ඉගෙන ගත්ත එකට ජොබ් එකක් ගන්න විදිහක්වත් නෑ. අවුල තියෙන්නේ කොතනද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

තව දෙයක් , ප්‍රංශයේ ජනාධිපති එමානුවල් මැක්රෝන් Emmanuel Macron. ඒ මනුස්සයට වයස අවුරුදු 46 යි.

නාදුනන සටහන්කරු ලියයි

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions