Home » පවුලෙන් පිට අපේක්ෂකයෙක්ට නෝ චාන්ස්, රාජපක්ෂවරුන්ගේ අවසන් තීරණය

පවුලෙන් පිට අපේක්ෂකයෙක්ට නෝ චාන්ස්, රාජපක්ෂවරුන්ගේ අවසන් තීරණය

by Plus One

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ මීළග ජනාධිපති අපේක්ෂක ලයිස්තුවට ඇතුලත් කර ඇති බවට එම පක්ෂයේ ලේකම් නීතිඟ්ද සාගර කාරියවසම් මහතා ඊයේ දිනයේදී මාධ්‍ය වෙත කියා සිටියේය.

ජනතාව තුල ඇති වූ විරෝධය හමුවේ පසුගිය කාලයේ‍ අර්බුදයට පත් වූ රාජපකෂ පවුලේ දේශපාලනය යලි සක්‍රීය කරමින් තිබෙන බව පෙනෙන්නට තියෙන කාරණාවකි. තම බලය තහවුරු කරගැනීමටත් තම කණ්ඩායමේ ආරක්ෂාව සදහාත් අර්බුදය හමුවේ දේශපාලන තිරණ ගත් රාජපක්ෂවරුන් දැන් දැන් මීළග මැතිවරණවලට සූදානම් වනවා.

කෙසේ වුවත් රාජපක්ෂ පවුල සතු වූ කේන්ද්‍රගත බලය සී සීකඩ යාම නිසා මේ වන විටත් ‍දුසිම් ගණන් අපේක්ෂයන් මතූ වී තිබෙනවා. මේ අතර පොදුජන පෙරමුණ මූලික කොටගත් සන්ධානයක මිළග අපේකෂත්වය සදහා රනිල් වික්‍රමසිංහ, ධම්මික පෙරේරා ආදී පුදගලයන් උත්සහ කලද එමගින් සිදුවන හානිය හා සැකය නිසාවෙන් පවුලේ අයෙක්ම මීළග ජනාධිපතිවර්ණයට ඉදිරිපත් කල යුතුයැයි රාජපක්ෂ පවුල තුල සාකච්චා වී තිබෙනවා.

කෙසේ වුවත් ඒ වෙනුවෙන් දැන් ඉතිරි වී ඇත්තේ චමල් හෝ නාමල් පමණි. ද්විත්ව පුරවැසිකම අත්හරිනවානම් බැසිල් රාජපක්ෂටද සටනට එක් විය හැක.

නමුත් මීළග මැතිවරණය රාජපක්ෂ දේශපාලයට එරෙහිව ගොඩනැගුනු දේශපාලන මතවාදයක් සමග තරග කිරීමට සිදු වන් බැවින් බැසිල්ගේ මේ ටොපිය කෑවොත් කන්නේ චමල් ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions