Home » නොකළ වරදකට ජීවිතයෙන් දඬුවම් විඳි හර්ෂනී…

නොකළ වරදකට ජීවිතයෙන් දඬුවම් විඳි හර්ෂනී…

by Nipuna Fernando

සැත්කමකින් පසු අනපේක්ෂිත ලෙස දිවියෙන් සමුගත් හර්ෂනීගේ අවසන් කටයුතු අද(29) පස්වරුවේ සිදු කෙරුණා.

නොසිතූ මොහොතක වෙන්ව ගිය ඇයට සමුදීමට විශාල පිරිසක් අද පස්වරුවේ දැල්තුර ශුද්ධ වූ රෝකුස් මුණිවරයාගේ දේවස්ථානයට පැමිණ සිටියා.

හර්ෂනී ධර්මවර්ධන හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය 13 වැනිදායි.

වෛද්ය නිර්දේශ මත සිදු කළ සැත්කමකින් පසු අසාධ්ය තත්ත්වයෙන් පසු වූ ඇය රාගම රෝහලට මාරුකිරීමෙන් අනතුරුව එහි දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා.

දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ හර්ෂනී අවසානයේ දෛවයට ඉඩදී ජීවිත සටනින් පැරදුනා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන බවයි රාගම රෝහල් අධ්යක්ෂවරයා සෞඛ්ය අමාත්යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.

නොකළ වරදකට ජීවිතයෙන් දඬුවම් විඳි හර්ෂනී, ඇයගේ උපන් දිනය යෙදී තිබූ පසුගිය අඟහරුවාදාම යළි මෙලෙස නිවසට පැමිණීමට සිදුවෙතැයි කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

හර්ෂනීගේ උපන් දිනය ඉහළින් සැමරීමට බලා සිටි මව්පියන්ට අවසානයේ සිදු වූයේ පනසේ සුරැකි තම දියණියගේ නිසල දේහය ඉදිරිපිට උපන්දිනය සැමරීමටයි.

තමන්ට ආදරය කළ සියල්ලන් ඉදිරියේ නිසලව සිටින ඇයගේ ආත්මයට මොක්සුව පතා වරින් වර නෑ හිතමිතුරන් යාච්ඤාවන්ට එක් වූයේ කඳුළු පිරි දෙනෙතින්.

අද දින අවසන් ගමන් යන ඇයට සමුදීමට විශාල පිරිසක් ඇගේ නිවසට පැමිණියා.

ජීවිතය පුරාම ළඟින් සිටීමට දෙවියන් ඉදිරියේ පොරොන්දු දුන් තම ආදරණීය බිරිඳ අකාලයේ මෙලෙස සමුගැනීම හර්ෂනීගේ දයාබර සැමියා වූ රසික දරාගත්තේ දැඩි ආයාසයකින්.

පස්වරුවේ නිවසේ සිට හර්ෂනීගේ දේහය ආගමිකවතාවත් සඳහා රැගෙන ආවේ දැල්තුර ශුද්ධවූ රෝගුස් මුනිවරයන්ගේ දේවස්ථානයටයි.

දේව මෙහෙයෙන් අනතුරුව දේහය සුසාන භූමිය වෙත රැගෙන ආ මොහොතේ දරාගත නොහැකි වේදනාව සිත් තුළ සිරකර ගැනීමට කිසිවෙකුට හැකි වූයේ නැහැ.

වරද කාගේ වුණද අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවූ හර්ෂනී අනාගතය වෙනුවෙන් දුටු සියලූ සිහිනද සමඟින් සදාකල්හිම දෙව්මව් තුරුලේ සැතපුණා.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions