Home » නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසියෙන් අනිවාර්යය කිරීමට පාර්ලිමේන්තුවේ විරෝධය

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසියෙන් අනිවාර්යය කිරීමට පාර්ලිමේන්තුවේ විරෝධය

by Nirodha Gamage

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග මාධ්‍ය ඉංග්‍රීසි භාෂාව ලෙස අනිවාර්ය කිරීමට නීති අධ්‍යාපන කවුන්සිලය ගෙන ඇති තීරණයට මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර නැත.

ති අධ්‍යාපන කවුන්සිලය ගෙන ඇති තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව එකඟ නොවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම අදහස් පළ විය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග මාධ්‍ය ඉංග්‍රීසි භාෂාව ලෙස අනිවාර්ය කිරීම පිටුපස ඇති අරමුණ සහ හේතුව කුමක් දැයි කමිටුව හමුවේ පෙනී සිටි නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතාගෙන් සාමාජිකයින් ප්‍රශ්න කර තිබුණි.

දැනටමත් ඉගෙනගෙන ඇති බොහෝ දෙනා දස්කම් දක්වා ඇති අතර ඔවුන් කැමති භාෂාවකින් විභාගවලට පෙනී සිටීමේ නිදහස යටතේ නීති විද්‍යාල විභාගයට පෙනී සිටීමෙන් ඔවුන් එසේ කර ඇති බව සාමාජිකයින්ගේ අදහස විය.

තම මව් භාෂාවෙන් විභාග ලියන නීතිඥවරුන් බවට පත් වූවන්ට විශාල බාධාවලට මුහුණ දී නොමැති බව කමිටුවේ අදහස විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions