Home » නවකවදය දුන් සබරගමුවේ හතරක් අල්ලයි

නවකවදය දුන් සබරගමුවේ හතරක් අල්ලයි

by Nirodha Gamage

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට දෙවැනි වසරේ සිසු පිරිසක් එල්ල කළ අමානුෂික ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පහර දීමට සම්බන්ධ සිසුන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙලෙස පහරදීම සිදුව ඇත්තේ නවකවදය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් නඩුව විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ.

අම්බලන්ගොඩ පදිංචි හෂාන් සිතිජ රූපසිංහ , වැලිමඩ පදිංචි කසුන් බුද්ධික , මොරටුවේ පදිංචි ශකිල අල්විස් , දෙහිවල පදිංචි රවිඳු ද සිල්වා යන සිව් දෙනා මෙසේ අත්අඩංගුවට පත් වී ඇත.

මේ සිසුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව නවක වදය දීම හා නවක සිසුන්ට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙනි.

පසුගිය පෙබරවාරි 15 දා කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටින සිසුන් 9 දෙනකු මේ ප්‍රහාරයෙන් තුවාල ලබා බළන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි. රාත්‍රී 10.00ට පමණ නේවාසිකාගාරයට කඩාවැදුණු දෙවැනි වසරේ සිසුන් කණ්ඩායමක් පොලු මුගුරුවලින් සහ අතින් පයින් තමන්ට පහර දුන් බව තුවාල ලැබූ සිසුන් ප්‍රකාශ කර තිබිණි. කොණ්ඩය කොටට නොකැපීම සහ නවක වදය ප්‍රතික්ෂේප කිරීම මේ ප්‍රහාරයට හේතු වී තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions