Home » දේශපාලන හේතු මත ලේකම්වරු 10 ක් මාරු කරති

දේශපාලන හේතු මත ලේකම්වරු 10 ක් මාරු කරති

by Nirodha Gamage

දකුණු පළාතේ නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරු දස දෙනෙක් එම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් රාජ්‍ය සේවා කොමිසම මෙම මාරු කිරීම් කළ බවයි වාර්තා වෙන්නේ.නව නිලධාරීන් දසදෙනා පත් කෙරෙන්නේ විශේෂ පුහුණුවකින් පසුව බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් ( නීති) චින්තක කුලරත්න පවසන්නේ මැතිවරණයක් ප්‍රකාශට පත් කර ඇති අවස්තාවක මෙවැනි මාරු කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් තමා කරුණු සොයා බැලීමක් කරන බවයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ බොහෝ දුරට මෙය දේශපාලන හේතු මත කළ මාරු වීමක් විය හැකි බවයි.

සාධාරණ හේතු තිබුණද මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති සහ නගර සභා ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ට බලය පැවරී ඇති අවස්ථාවක මෙසේ මාරු කිරීම් කිරීම නොකළ යුතු දෙයක් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ මෙමගින් වැරදි පණිවුඩයක් සමාජගත විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions