Home » දඹුල්ලෙ ආයේ ක්‍රිකට් ගහනවා. මාව විස්වාස කරන්න – ක්‍රීඩා ඇමති කියයි

දඹුල්ලෙ ආයේ ක්‍රිකට් ගහනවා. මාව විස්වාස කරන්න – ක්‍රීඩා ඇමති කියයි

by Plus One

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පසුගිය කාලයේ ජාත්‍යනතර ක්‍රීඩා තරග පැවැත්වීමට අපෝසත් විය. නමුත් පසුව එම ක්‍රීඩාංගනය නවීනතම පහසුකම් යටතේ වැඩි දියුණු කිරීමට බලධාරීන් තීරණය කලේය.

ඒ අනුව නවීනතම ආලෝක පද්ධතියකින් ක්‍රීඩාංගනය නවීකරණය කොට තිබෙනවා. එමෙන්ම අලුතින් ඉදිකරන ලද හයිඩ්‍රේෂන් තටාකය සහ විවේක තටාකය ලබන මස වන විට විවෘත කිරීමටත්, මණ්ඩපය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ නවීකරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවත් සදහන් වනවා.

මෙසේ ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (5) සහභාගී විය.

සුවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි මට්ටමට නැවත පත්කළ හැකි බවට තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා ෆේස්බුක් ගිණුමේ සදහන් කොට ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions