Home » තිලංග සහ අමරවීරට බුලත් කොලේ අහිමි වෙයි. ලේකම්ධූරයට අනුර යාපාට

තිලංග සහ අමරවීරට බුලත් කොලේ අහිමි වෙයි. ලේකම්ධූරයට අනුර යාපාට

by Plus One

බුලත් කොලය ලකුණින් තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානය 2019 තෙක් ශ්‍රී ලංකාවේ බල කේන්ද්‍රගත වූ ප්‍රධාන සන්ධානයක් වූ අතර පොදුජන පෙරමුණ නිර්මාණය වීමෙන් පසු එම සන්ධානය 2019න් පසු සක්‍රීය වූයෙ නැත.

එම සන්ධානයේ ප්‍රධාන පාර්ශව කරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වූ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම්ධූරය අමාත්‍ය මහින්ද අමරවීර හා හිටපු අමාත්‍ය තිලංග සුමතිපාල අතර ආරවුලක් මෙතෙක් කල් තිබූ අතර එ සදහා නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා ලදී.

කෙසේ නමුත් පොහොට්ටුවේ හා රාජපක්ෂ පවුලේ දේශපාලන බලය හීන වීමෙන් පැන නැගී ඇති හිඩස පිරවීමට විවිධ දෙනා උත්සහ කලද නිදහස් පක්ෂය හා ඒ වටා ඇති ජන්ද පදනම නිසා ඔවුන්ට එය පිරවීමට වැඩි වාසියක් පවතී.

පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් වූ ආරවුල් හේතුවෙන් නිදහස් පක්ෂයට එම නායකත්වය ගැනීමට නොහැකි වීම නිසා මේ වන විටත් රාජපක්ෂවරුන්ගේ විසිරුනු ජන්ද පදනම ඩැහැ ගැනීම සදහා පදුරු පිටින් අපේක්ෂකයන් සන්ධාන නිර්මාණ වෙමින් පවති.

මේ හේතුව නිසා බුලත් කොලය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මහ ලේකම්ධූරයෙන් මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට ඉවත් වන ලෙස අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයක් ලබා දී ඇත.

මෑතකදී නිමල් ලන්සා ඇතුලු කණ්ඩායමක් නිර්මාණය කල නව සන්ධානයද සම්බන්ධ කරගනිමින් බුලත් කොලයේ මහ ලේකම්ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමට චන්ද්‍රිකා හා මෛත්‍රී එකග වී ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions