Home » තවත් සන්ධානයක් – අනුර යාපාට ලේකම්ධූරය, චන්ද්‍රිකාගේ තවත් ප්‍රොජෙක්ට් එකක්ලු

තවත් සන්ධානයක් – අනුර යාපාට ලේකම්ධූරය, චන්ද්‍රිකාගේ තවත් ප්‍රොජෙක්ට් එකක්ලු

by Plus One

 

එළැඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන යළිත් සංවිධානය වන එක්සත් ජනතා නිදහස් සන්දානයේ මහලේකම් ධූරයට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත්වන බව පක්ෂය අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි..

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය නිමල් ලංසා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවනු ලැබූ සන්දානයේ ජාතික නායක වශයෙන් කටයුතු කරනු ලබන අතර එළැඹෙන මැතිවරණය සඳහා මෙම කණ්ඩායමත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව තරඟ කරන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ප්‍රකාශ කර ඇත.

මෙම සන්ධානය ගොඩනැගීමේ ක්‍රියාවලියේ නිරත ව ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන අතර ශ්‍රිලනිපයේ වගකිව යුතු බලයක් සහිත තනතුරක් ඇය වෙනුවෙන් මේ වනවිට සකස් වී ඇති බවද වාර්තා වේ.

ඉදිරි මාර්තු මාසයේ මුල් සතිය වනවිට සන්ධානය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳව රටට හෙළිදරව් කරන බවත් දැනට තරඟ කරන සියළුම අපේක්ෂකයින් ඉක්මවිය හැකි දේශපාලන දැක්මක් හා ආර්ථික සැලැස්මක් සහිත පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් කෙරෙන බවත් ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදු කර අවසන් බවත් එම පාර්ශ්වයේ ආරංචිමාර්ග කියා සිටී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions