Home » තවත් දැවැන්ත ලේ වැගිරීමක් අත ළඟද?රටේ රාළ

තවත් දැවැන්ත ලේ වැගිරීමක් අත ළඟද?රටේ රාළ

by Plus One

රටේ රාළ බළකාය පහුගිය මාසය ඇතුලේ විවිධ ක්‍රම හරහා දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් එක්ක අදහස් හුවමාරු කර ගත්තා.රටේ රාළ විශ්වාස කරන්නේ ඒ ක්‍රියාවලියේ පළවෙනි වටය දැන් අවසන් කියලා.දැන් අපි ඔය කාගෙ කාගෙත් අරමුණ මොකද්ද කියලා දන්නවා.ඒවා ඇතුලේ තියන කුමන්ත්‍රණ ගැනත් දන්නවා.ඒක නිසා ඒ ගැන සමාලෝචනයක් ජනතාව ඉදිරියේ තියන එක අපේ යුතුකමක්.

ඇත්තටම මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා කාටවත් පැහැදිලි වැඩපිලිවෙලක් නෑ.ආර්ථික සහ දේශපාලන වැඩපිලිවෙලක් නෑ.හැම කෙනාම තමන්ගේ අනෙකා බවට පුද්ගලයෙක් පත්කරගෙන.එක්කෝ රනිල්,එක්කෝ අනුර.නැත්තං සජිත්.අනුර අනෙකා කරගත්ත අය ජවිපෙ ගැන භීතිකාවකින් පෙලෙනවා.ඒකට ප්‍රධාන හේතුව මේ හැම කෙනාම පහේ විශ්වාස කරන්නේ ගෝල්ෆේස් අරගලය සහ ඊට පස්සේ නිර්මාණය උන සමස්ථය ජවිපෙ මෙහෙයවීමෙන් සිද්ධවුනා කියලා.

ජවිපෙ ඉතිහාසයේ තියන 71 ක,88/89 වගේ හිද්ධිත් ඒ භයංකාර චිත්‍ර හදන්න දායක වෙලා තියනවා.ඒ හින්දා ඉස්සෙල්ලාම ගෝල්ෆේස් අරගලය ඇතුලේ ජවිපෙ භූමිකාව හරියට නිරවුල් කරගන්න ඕනි.ගෝල්ෆේස් අරගලයේ කිසිම තීරණාත්මක තැනක ජවිපෙ හිටියේ නෑ.අප්‍රියෙල් 03 වෙනිදා ගෝඨාභය – මහින්ද ආණ්ඩුව එරෙහි ජනතාව අරගලයට එනකොට ජවිපෙ කිව්වේ ඔය වගේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියලා.

ඊට පස්සේ ගෝල්ෆේස් අරගලයට රිංගලා ජවිපෙ හැදුවේ ගෝල්ෆේස් අරගලය අල කරන්න.ජවිපෙ විතරක් නෙවෙයි පෙරටුගාමීනුත් හිටියෙත් එතන.ඔය සියලු දෙනාම හිටියේ 2022 සිංහල අලුත් අවුරුද්ද ඉස්සෙල්ලා අරගලය විඩ්රෝ කරගෙන යන්න.හැබෑයි එතන හිටපු ජවිපෙ සහ පෙරටුගාමින් නොවන පිරිස තමයි ආරගලය ඉස්සරහට ගෙනියන්න තීරණය කළේ.

එතනදී තමයි රටේ රාළලා අරගල බිමට නෑගම් යමු කියන කන්ෂෙප්ට් එක ගෙනාවේ.එදා පටන් ගෝල්ෆේස් අරගල භූමිය පිරුණේ මේ රටේම ජනතාවගෙන්. ඒ වගේම 2022 මැයි 09 දා රට පුරා එල්ල කරපු ප්‍රහාර ජවිපෙ මෙහෙයවීමෙන් වෙච්චි ඒවා නෙවෙයි.මහින්දගේ බත්බැලයන් නිරායුධ අරගලකරුවන්ට ගහපු එකට එරෙහිව රටේ ජනතාවගේ ප්‍රතිචාරය තමයි ඒ හම්බවුනේ.

හැබැයි ජවිපෙ රට ගිනි අරගෙන තියනකොට ඒකට පෙට්රල් වත් කරන්න අවශ්‍ය මතය හැදුවා.2022 ජූලි 09 වෙනිදා ගෝඨාභය පන්නන මෙහෙයුමට ජවිපෙවත්,පෙරපමටුගාමින්වත් කිසිම සම්බන්ධයක් නෑ.අඩුම ගානේ ඒ මෙහෙයුම සැලසුම් කරන තැන ජවිපෙවත්,පෙරටුගාමින්වත්,අන්තරේවත් හිටියේ නෑ.ඇත්තටම මේක මහජන අරගලයක්.ඒක නිසා කාට හරි අරගලය ගැන අදහසක් ඕනි නං රටේ රාළ ලෑස්තියි A to Z  ඒ ගැන කියාදෙන්න.

අරගලයෙන් පැනලා යන්න ජවිපෙ හදද්දී මේ පාලකයෝ කලේ අරගලයේ credit  එක ජවිපෙට දෙන එකයි.ජවිපෙ පාර්ලිමේන්තුව අල්ලන්න ගියේ මේ අරගලයේ කොටසක් විදිහට නෙවෙයි.ඒ ජවිපෙ රනිල්ගේ ලණුවක් කළා කරපු පිස්සුවක්.ඒකේ වාසිය ගත්තේ රනිල්. ඇත්තටම ගෝල්ෆේස් අරගලය පාවා දුන්නේ ජවිපෙ.හැබැයි අපේ රටේ ගොඩක් දේශපාලනය පක්ෂ කරන්නේ මේක ජවිපෙ මත තියලා ජවිපෙ හම ගහන්න හදන එකයි.ඒකෙන් වෙන්නේ නැති පෞරුෂයක් ජවිපෙට ආරෝපනය කිරීම සහ ජවිපෙ නෑති භීතියක් හැදෙන එකයි. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි හැමදෙනාම තමන්ගේ අනිකා බවට ජවිපෙ පත් කරගෙන ජවිපෙට බයේ ඉන්නේ.ඒ හම්බ වෙච්චි බොරු පෞරුෂය ඇතුලේ මාලිමාවට ආපු පාදඩ බලවේගය ඒ ගැම්ම අරන් නැති දෙයක් පිම්බුවා.

ඇත්තටම දැන් මාලිමාව ඇතුලේ තියෙන්නේ ජවිපෙ අධ්‍යාත්මය නෙවෙයි. ඒක සමාන වෙන්නේ තක්කඩි රාජපක්ෂවාදී අධ්‍යාත්මයට.පුංචි තට්ටුවකින් උනත් පස්ස නොබලා දුවන නිවට අධ්‍යාත්මයට.ඒකට තමයි මේ මහා ලොකු දේශපාලන පක්ෂ සහ නායකයෝ බය වෙලා ඉන්නේ.

රටේ රාළලා ජවිපෙ අධ්‍යාත්මය හොඳට අඳුරනවා.මොකද ඒ අධ්‍යාත්මය දැන් මාලිමාව ඇතුලේවත්,ජවිපෙ ඇතුලේවත් නෑ.නොසැලෙන ජවිපෙ අධ්‍යාත්මය තියෙන්නේ රටේ රාළ බළකාය ඇතුලේ. ජවිපෙත් දැන් කරන්නේ තමන් ආවොත් ගහනවා කියන මතය පතූරවන එක.අර ජා- ඇල රැස්වීමේ පෝස්ටරය අලවන දවසේ බයික් දහයක් පහලොවක් දාලා ජවිපෙ දැම්මේ ඒ වගේ සෙල්ලමක්. ජවිපෙත් හරියට බලය ගත්තා වගේ කරන ප්‍රකාශවලින් මේ තත්වය තවත් උග්‍ර වෙනවා.

ඇත්තටම එහෙම රන්ඩුවක් දැන් තියනවා.ඒක නිසා දැන් ප්‍රධාන දේශපාලනය පක්ෂ බොහොමයක් ජවිපෙට එරෙහිව වැඩ කරන්න පටන් අරන්.පොදු හතුරා ජවිපෙ වෙලා.ඒවට හරියන ප්‍රකාශයත් අනුර කියනවා.අනූර ආවම අහවලා හිරේ දානවා කියනවා.ඒක තමයි මහින්දත් කලේ.අනුර ආවට කවුරුවත් හිරේ දාන්න බෑ.අනුර කියන්න ඕනි නීතිය ක්‍රියාත්මක කරනවා කියලයි.

එහෙම නැතිව මිනිසුන්ට ගහන්න, බනින්න,මරන්න අනුරට බෑ.අනුරලා එහෙම කියනවා කියන්නෙම රාජපක්‍ෂලාට තිබුණ තක්කඩි,උද්දච්ච දේශපාලනයම තමයි අනුරලා නියෝජනය කරන්නේ කියන එකයි.ඒක නිසා දැන් මේ මෝඩ වහසිබස් දෙඩීම දෙපෑත්තෙම තියනවා.දැන් මෙහෙම පිටියක් නිර්මාණය වෙමින් තියනවා.කට්ටියත් ත්‍රාඩ බොක්සිං ,match එකක් බලන්න ලෑස්තිවෙලා ඉන්නවා.

ඒ කියන්නේ ඉදිරි මැතිවරණයට මොකක් උනත් ඒක ඇතුලේ දැවැනත්ත ලේ වැගිරීමක් වෙන්න නියමිතයි.රටේ රාළ බලකායට ජවිපෙවත් වෙන කෙනෙක්ගේවත් ලේ බලන ආශාවක් නෑ.මේ දෙගොල්ලොම මේ අනවශ්‍ය සටනකින් අපේ ඇස් නිලංකාර කරලා බලය ගන්නයි හදන්නේ.රට ගොඩනැඟීමේ වැඩපිලිවෙලක් නැතිව වෛරය වපුරලා බලය ගන්නයි හදන්නේ.දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්න අපේ රටේ ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් නෑතිව රටවෙන පාරක ගෙනියන්නයි දෙගොල්ලොම හදන්නේ.

ඒක නිසා රටේ රාළ නැවතත් අවධාරණයෙන්ම කරන්නේ තැන තැන හතු පිපෙනවා වගේ සන්ධාන අටවන්නේ නෑතිව ජාතික එකඟතාවයක් සහිත පළල් සන්ධානයක් නිර්මාණය කරන්න කියලයි.ඒක කරන්නට බැරි උනොත් ජවිපෙන් කෙසේ වෙතත් ඊළඟ මහජන නැගිටීමෙන් බලය ගත්ත කිසිම කෙනෙකුට ජනතාවගෙන් සමාවක් හම්බ වෙන්නේ නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions