Home » ණය නිරාකරණයට පොදු රාමුවක් හදන්න – IMF දැනුම්දෙයි

ණය නිරාකරණයට පොදු රාමුවක් හදන්න – IMF දැනුම්දෙයි

by Nirodha Gamage

ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන පොදු රාමුවක් සැකසිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා ඒ ඊයේ (25) දිනයේ නිකුත් කළ නිවේදනයක් මගින්.

ශ්‍රී ලංකාවේ ඇති දැඩි විදේශ ණය හේතුවෙන් ආර්ථිකය බරපතළ අවපාතයකට ගමන් කරමින් සිටින බැවින් පොදු රාමුවක් සකස් කර ගැනීම සඳහා කාලානුරූප විධිමත් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නිවේදනය නිකුත් කළේ G 20 සමුළුවේ මහබැංකු අධිපතිවරුන්ගේ හා මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් අනතුරුවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා සඳහන් කළේ ශ්‍රී ලංකාව ණය නිරාකරණය කිරීමේ වේගය වැඩිකිරීමට සිදු කරන උත්සාහය අගය කරන බවත් එය ශ්‍රී ලංකා ආර්ථිකය යළි පිබිදීමක් ලෙස හඳුනාගත හැකි බවත්ය.

කොවිඩ් වසංගතය හා යුක්‍රේන – රුසියා යුද්ධය හේතුවෙන් ලොව පුරා දැඩි ආර්ථික කම්පනයක් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ඇතිව ඇති බව ඇය පෙන්වා දෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions