Home » ඩෙන්ගේ ඇතුළ හොඳ නෑ – අස්පට් ෂූටිං

ඩෙන්ගේ ඇතුළ හොඳ නෑ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා….අපේ දේශපාලනේට තිබුණ අවසන් අඩුපාඩුවත් සම්පුර්ණ වෙන්නයි යන්නේ.

මතකද ඒ කාලේ රටේ හිටපු නායකයෝ හරි නෑ කියලා ඒරොප්පේ හිටපු විහාර මහ දේවිය උස්සගෙන ආවා,එයා යනකොට මැද මූකලානෙන් දුටුගැමුණු ගෙනාවා.ඊට පස්සේ මහ පොලොවෙන් මතුවුන සාමානය මිනිහෙක් පොලොන්නරුවෙන් ගෙනාවා.

ඒකත් හරි ගියේ නැති හින්දා මචං අපේ තුම්මුල්ලේ විමලෙ සහෝදරා හෙම එකතුවෙලා මැදමූකලානේ බාල්කේ එල්ලලා හිටිය මහතීර් මොහොමඩුයි, ඇමරිකාවෙන් පුටින් කෙනෙකුයි ගෙනාවා.

ඒ දෙන්නා ඔරිජිනල් මහතීර්ගෙයි,ඇත්ත පුටින්ගෙයි නමත් කාලා මේ රටත් කාලා යන්න ගියා.දැන් මචං ඒ විනාශ කරපු රට හදන්න අර air force කොන්තා ඇතුළු ආමි සෙට් එකක් චීනයෙන් ඩෙන් ෂියාවෝ ෆින් ගේන්න හදනවා.

සියල්ල නවීකරණය කරන්න ඩෙන් ගෙන්නනවා කියලයි කියන්නේ.මේ පාර මචං ඩෙන් ෂියා වෝ ෆින්ට ඇඳලා ඉන්නේ අපේ ලප කුමාර සහෝදරයා.මචං අපේ ලප ඩෙන් සහෝදරයා මේක නවීකරණය කරලා ගනීද?දැන් බලපං මහතීර්ට ඇඳපු මහී චොර වුනා.

පුටින්ට ඇන්ඳ නන්දේ වාෂ්ප වුනා.මචං එහෙම බලනකොට අපේ ලප ඩෙන්ට මොකක් වෙයිද?අස්පට් ෂූටිං කියන්නේ air force කොන්තලා ඔය නම වෙනස් කරලා ලපයට ගැලපෙන නමක් තියන කෙනෙක් ගෙනාවා නං හරි.ඒකට ගේන්න ඕනි කාම්බෝජයේ පොල් පොට්.

මචං පොල් පොට්ට ඩෙන් ෂියාවෝ ෆින් කියන්න හොඳ නෑනේ.ඊට වැඩිය නරකද ඇත්තම කියලා පොල් පොට් කෙනෙක් ගේන එක.එතකොට මචං අපි කාටත් සූදානම් ශරීරයෙන් ඉන්නත් පුළුවන්. පොල්පොට් ගෙනත් එයා ඩෙන් ෂියාවෝ ෆින් කෙනෙක් උනොත් අවුලකුත් නෑනේ.

අස්පට් ෂුටිං

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions