Home » ජවිපෙ ඝාතකයන් සහ ජවිපෙ ද්‍රෝහීන් – රටේ රාළ

ජවිපෙ ඝාතකයන් සහ ජවිපෙ ද්‍රෝහීන් – රටේ රාළ

by Plus One

මාලිමා ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරියත්,ජවිපෙ සමාජවාදී කාන්තා සංගමය ජාතික සංවිධායිකා සහ මාලිමාවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ අවස්ථා දෙකකදී කියලා තිබුණා. අන්තිමට සමන්මලී කිව්වේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම එයාලගේ ව්‍යවස්ථාවෙත් තියනවා කියලයි.ඊට අමතරව ගණිකා වෘත්තියට රීති පද්ධතියකුත් හදනවා කිව්වා.

සමන්මලී ජවිපෙ ඇතුලේ තියන ලිංගිකත්වය සම්බන්ධ විග්‍රහට ටිකක් සමාන කතාවකින් ප්‍රවේශය අරන් හරිනිගේ කොන්ත්‍රාත්තුවට අනුව ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා කිවිවා. ඇත්තටම ජවිපෙ මේ කරන පාදඩ දේශපාලනයට ඔහොම යන්න දීලා නිහඩව ඉන්න එක තරම් භයානක වැරැද්දක් තවත් නෑ.ජවිපෙ විසින් ගෙනත් දාන අවජාතක මතවාදවලට පහර දෙන්න සහ ඊට එරෙහිව ජනතාව දැනුවත් කරන්න රටේ රාළ බළකාය ලෑස්තියි.

” ගණිකා වෘත්තිය නිතිගත කරදෙනු ලැබේ  ”  ලිපියෙන් රටේ රාළ දේශපාලන වශයෙන් වගේම සමාජ විද්‍යාත්මක වශයෙනුත් ප්‍රශ්නය විග්‍ර කළා.ඒ ලිපියෙන් ප්‍රශ්නය නිරවුල් කරගෙන ජවිපෙ ඇතුලේ අභයන්තර සංවාදය ඉහළට ඔසවලා තියපු සියලුම ජවිපෙ සහෝදර,සහෝදරින්ට ස්තුතියි.හරිනිගේ අර්ධ ලිබරල්,අර්ධ වැඩවසම් මතවාද ඉදිරියේ ගල් ගිලලා වගේ මුනිවත රකිමින් හිටිය ටිල්වින්ලා පුටුවෙන් බිමට ඇඳලා දාපු සියලු ජවිපෙ සාමාජිකයන්ට අපේ ගෞරවය.

මේ ප්‍රශ්නය ඉස්සරහා ටිල්වින් කොච්චර අසරණ උනාද කියනවා නං ජවිපෙ පසුතලය යටතේ කරන්න ඕනි සාකච්ඡාව ටිල්වින් කළේ මාලිමා පසුතලය යටතේ.රටේ රාළ ටිල්වින්ගෙන් අහන්නේ මේ වගේ පොඩි තට්ටුවකටත් ඔච්චර කළබළ වෙන්නේ ඇයි කියලයි.ටිල්වින් ඒ මාධ්‍ය හමුවේදී කිව්වේ අපි නං එහෙම කිව්වෙත් නෑ.අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණවල එහෙම ඇත්තෙත් නෑ.මේවා අපේ හතුරන්ගේ අවලාද කියලයි.එහෙම කියපු ටිල්වින් පක්ෂයේ හතුරෙක් ගානට සමන්මලීව පත්කළා.

මොකද රටේ රාළ එහෙම කතාවක් කොතනකවත් කියලා නෑ.රටේ රාළ කළේ සමන්මලී කියපු කතාව අනුසාරයෙන් සරම ඇඳගෙන ඔළුවෙන් හිටපු ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් නැවත දෙපයින් සිටවීම විතරයි.දැන් රටේ රාළ ජවිපෙ නායකයන්ට කියන්නේ ඒ බයවීම හොඳයි දැන්වත් හරියට කරගෙන යන්න කියලයි.මෙතන වැදගත්ම කාරණය වෙන්නේ ආචාර්ය හරිනිගේ සහ සමන්මලීගේ කතා ඉස්සරහා ජවිපෙ න්‍යායාචාර්ය ටිල්වින් දේශපාලන වශයෙන් සිටි අඳ,ගොළු,බිහිරි ප්‍රතිපත්තියයි.ජවිපෙ පත්වෙලා තිබෙන මතවාදී දුප්පත්කම දැන් ටිල්වින් තුලිනුත් ප්‍රකාශය වෙන්න පටන් අරන්.

ඒ වගේම දැන් නිරවුල් මතවාදයක් නැති මාක්ස්වාදියෝ,භාග මාක්ස්වාදියෝ සහ විවිධ අච්චාරු මතවාදවල ඉන්න දේශපාලන අවස්ථාවාදියෝ ඔක්කොම හෙල්ලිලා.හරි නං දැන් කරන්න තියෙන්නේ ජවිපෙ සියලු නායකකාරකාදීන්ට ” මෙන්ෂවික්වාදය යනු කුමක්ද ” කියන ජවිපෙ තුන්වෙනි පන්තිය ඉගැන්වීමයි. ජවිපෙ තවමත් ඉන්නේ මාක්ස්වාදී ස්ථාවරයක නම් ජවිපෙ මේ මොහොතේ ඉෂ්ඨ කරන්නේ අවස්ථාවාදී භූමිකාවක්.

පැහැදිලිවම ජවිපෙ දැන් ඉන්නේ මාක්ස්වාදී ස්ථාවරයක නෙවෙයි.මාක්ස්වාදයේ හිටියත් ඇතිවන නව තත්වයන් තේරුම් ගනිමින් ඊට ගැලපෙන භාවිතාවක් නිර්මාණය කරගන්න ජවිපෙට බෑ.භාවිතාවට ගේන්න ඉස්සෙල්ලා ප්‍රශ්නය විග්‍රහ කරගන්න බැරි නම් මොන උත්තරද?ජවිපෙ පැහැදිලිවම ඉන්නේ හරිනිගේ අර්ධ ලිබරල්,අර්ධ වැඩවසම් මතවාදයේ අතරමං වෙලා.ජවිපෙට දැන් තියන ප්‍රශ්නය තමන්ගේ මතය මේකයි කියලා රටට කියාගන්න බැරිකමයි.

ඒක නිසා දැන් හත්පොලේ ගාගෙන දගලනවා. ටිල්වින්ලා කළබල උනාට රටේ රාළලා කළබල වෙන්නේ නෑ.අපේ එක තර්කයකින් සතුරා ඔය තරම් කළබල වෙන බව දැකීමෙන් තමයි අපි අපේ සාර්ථකත්වය මැන ගන්නේ.පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක් එක්ක කරපු සාකච්ඡාවකදී ඒ  මාධ්‍යවේදියා විජිතගෙන් පෙරටුගාමීන් එකතු කරගන්න අදහසක් නැද්ද කියලා ඇහුවා.එතකොට විජිත කිව්වේ ජවිපෙ ද්‍රෝහීන් එක්ක අපේ කතාවක් නෑ කියලා.

රටේ රාළගේ විග්‍රහට අනුව ජවිපෙ සහ පෙරටුගාමීන් දෙගොල්ලොම කියන්නේ දේශපාලන වශයෙන් පීලිපැනපු කණ්ඩායම් දෙකක්.හැබැයි මෙතනදී රටේ රාළ ගන්නේ විජිත කියපු ජවිපෙ ද්‍රෝහීන් එක්ක අපේ කතාවක් නෑ කියන කොටසයි. මොකද දැන් ජවිපෙ ද්‍රෝහීන්ගේ නාමලේඛනයක් මූලස්ථානයේ නඩත්තු වෙන බව රටේ රාළ දන්නවා.ඒක නඩත්තු කරන්නේ ජවිපෙ බලය ගත්ත දවසේම රෑට එයාලගේ ගනුදෙනු අවසන් කරන්න බවත් රටේ රාළ දන්නවා.

ඒ වගේම ඒ නාමලේඛනය පෙට්ටගමේ දාගෙන ඉන්නවා හැර වෙන දෙයක් කරන්න ජවිපෙට බලය එන්නේ නැති බවත් රටේ රාළ දන්නවා.හැබැයි විජිතට ජවිපෙ ද්‍රෝහීන් කවුද කියන එක නම් උගන්නන්න ඕනි.රටේ රාළ මේ කියන්න හදන්නේ විජිත බිල්ලාට ගියා කියලා ඔයාලා අහලා තියන කතාව නං නෙවෙයි.එහෙමත් නැත්තං 1994 න් පස්සේ විජිත සහ අනුර ජාතික කදවුරු ගිහින් අවසානයේ පක්ෂයේ පූර්ණකාලීන වෙනවද කියලා අහපු ප්‍රශ්නයට උපාධිය අරන් ඉවර වෙලා එන්නං කියලා දීපු උත්තරය ගැනත් නෙවෙයි.

දැන් ජවිපෙ ද්‍රෝහීන් පිලිබද නිර්වචනය මොකද්ද කියලා විජිත හරියට කියන්න ඕනි.1994 දී ජවිපෙ නැවත පටන් ගන්නකොට හිටපු දේශපාලන මණ්‌ඩලයේ ටිල්වින් හැර වෙන කිසිම කෙනෙක් අද ජවිපෙ එක්ක නෑ.පැහැදිලිවම ටිල්වින් ජවිපෙ ප්‍රධාන ලේකම්ධූරයෙන් අයින් නොවී ඉන්නේ අයින් වෙලා ටිල්වින්ට පවතින්න බැරි හින්දයි.රටේ රාළ මේ කියන දේවල් ටිල්වින් දන්නවා.ටිල්වින් අභියෝග බාරගන්නවා නං මොනවද ඒවා කියලා කියන්න රටේ රාළ ඕනිම වෙලාවක ලෑස්තියි.

එතකොට 94 න් පටන් අරන් ජවිපෙ දේශපාලන මණ්‌ඩලය හැර ගිය සියලු දෙනා ජවිපෙ ද්‍රෝහීන්ද?ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ජවිපෙ හැරගියා විතරක් නෙවෙයි අනුර ඇතුළු හතර දෙනාගේ කල්ලියේ සියලු දූෂණ,වංචා සහ තක්කඩිකම් රටට හෙලි කළා.සෝමවංශ ජවිපෙට කිව්වේ රතු අලි පැටව් කියලයි.එතකොට සෝමවංශ අමරසිංහ ජවිපෙ ද්‍රෝහියෙක්ද?රටේ රාළ අහන්නේ ජවිපෙ ඝාතකයන් සහ ද්‍රෝහීන් වෙන් කරගන්නේ කොහොමද කියලයි.

ජවිපෙ ඝාතකයින් ද්‍රෝහීන් වෙනවද,නැද්ද කියලා විජිතලා කියන්න ඕනි.88/89 ඉතිහාසයට අනුව ජවිපෙ මර්ධනය කරන්න දායක වුන හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ගොඩ දෙනෙක් අද ඉන්නේ විශ්‍රාම සුවයෙන්.අද ජවිපෙ ගොඩනගන හමුදා සාමූහිකවලට එන්නේ ඒ විශ්‍රාමික නිළධාරීන්.එක වෙලාවක 88/89 කාලයේ හමුදා පොලිසියේ ඉහලම නිලධාරියෙක් විදිහට කටයුතු කරපු තෝරදෙනිය කියන නිලධාරියා ඉල් විරූ සමරුවක පොල්තෙල් පහන පත්තු කරන්න ගෙන්න තරම් ජවිපෙ නිවටවෙලා තිබුණා.හදුනෙත්ති සහ තෝරදෙනිය එකට ගත්ත ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලාව පලවුනා.

තෝරදෙනිය කියන්නේ 88/89 විජේවීර අත්අඩංගුව ගත්ත ප්‍රධාන මෙහෙයුමේ සහ විජේවීරගෙන් ප්‍රශ්න කරපු කණ්ඩායමෙත් හිටපු නිලධාරියෙක්.එදා පැවති මර්ධනයට සෘජුව සම්බන්ධ වුන කෙනෙක්. අද ජවිපෙ වේදිකාවේ ඉන්නේ එදා ජවිපෙ සාමාජිකයන්ට අපමණ වඳ දුන්න අය.එයාලගෙන් ගුටි කාලා,කටු කම්භිය පස්ස පැත්තෙන් බස්සගෙන යන්තම් නොමැරී ජීවත් වෙලා ඉන්න අය.අද එයාලට ඒ ඝාතකයින්ගේ කතාවලට අත්පොඩි ගහන්න සිද්ධවෙලා.

අඩුම ගානේ ඒවා කරනකොට ඝාතකයින් වෙන් කරලා තෝරාගැනීමක් කරන්නවත් ජවිපෙ නායකයින් සාධාරණවෙලා නෑ.නැත්තං කවදාවත් තෝරදෙනිය ඉල් මහ විරු සමරුවක පොල් තෙල් පහන් පත්තු කරන්න එන්න විදිහක් නෑ.ඇත්ත ජවිපෙ සාමාජිකයෙකුට තෝරදෙනිය වගේ ඝාතකයින් පහන් පත්තු කරන ඉල් මහ විරු සමරුවක රෙදි ඇඳගෙන ඉන්න පුළුවන්ද?ජවිපෙ අද ඝාතකයන් විමුක්තිකාමින් කරලා.

ජීවිත කාලය පුරාම ජවිපෙ වෙනුවෙන් වැඩකරපු අය ජවිපෙ ද්‍රෝහීන්ගේ ලයිස්තුවට දාලා.ජවිපෙ ද්‍රෝහීන්ගේ ලයිස්තුව ප්‍රසිද්ධ කරන්නත් අවස්ථාව රටේ රාළට එයි.ඒ ලයිස්තුවේ ඉන්නේ ජවිපෙ වෙනුවෙන් කැපවීම් කරලා මතවාදී ප්‍රශ්න හෝ පෞද්ගලිකව ප්‍රශ්න හින්දා පක්ෂයෙන් ඉවත්ව ගිය හෝ ඉවත් කරපු අය,ජවිපෙ ඝාතකයන්ගෙන් වේදිකා පුරවා ගන්න තරම් ජවිපෙ නිවට උනේ අද ඉන්න නායකයන් පක්ෂ ඉතිහාසයත් එක්ක කිසිදු ඓයිද්‍රීය සම්බන්දයක් නැති අය හින්දයි.

විජේවීර ජවිපෙ හැදුවේ මේ රට රකින්න.ජවිපෙට රටත් ජනතාවත් රකින්න බැරි නමි ඒ ජවිපෙන් මේ රටට වැඩක් නෑ.මේ රටේ කාන්තාවන් ගණිකාවන් කරන ජවිපෙයක් මේ රටට මොකටද.ඉතිහාසයේ ලක්ෂ ගණනකගේ දිවිපිදීම්,දහඩිය කඳුළු විකුණාගෙන කන තක්කඩි වර්තමාන ජවිපෙ සාමාජිකයෙක් හරි හිතවතෙක් වෙනවාට වඩා ජවිපෙ නිවටයන්ගේ වෛරයට පාත්‍ර උන ජවිපෙ ද්‍රෝහී ලයිතුවේ ඉන්න එක රටේ රාළට නම් අභිමානයක්.

ඒත් අපි ජවිපෙ කිසිම කෙනෙක් අපේ ද්‍රෝහීන් විදිහට සලකන්නේ නෑ.හැබැයි දැන් එයාලා දැන දැනම මේ රටට ද්‍රෝහී වෙලා ඉවරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා
මීට
රටේ රාළ.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions