Home » ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අකුරට වැඩ, ඇමතිගේ ගෝලයෙක්ට බර පාඩුවක්

ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අකුරට වැඩ, ඇමතිගේ ගෝලයෙක්ට බර පාඩුවක්

by Plus One

අපේ රට බංකොලොත් වී දැවැන්ත ආර්ථික ප්‍රශ්නෙකට මුහුණ පෑමට රටේ ඇති දේශපාලන සංස්කෘතියත් දේශපාලකයන්ගේ දූෂිත බවත් ප්‍රධාන වශයෙන් බලපෑ කාරණාවකි. නමුත් දේශපාලකයෙක් යම් වංචාවක් හෝ දූෂණයක් සිදු කරන විට එය වැළැක්වීමට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට සෘජු හැකියාවක් ඇත.

කොටින්ම දේශපාලකයෙක් වංචාවක් කරන්නේනම් එහි කුමන හෝ සහයෝගයක් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගෙන්ද ලැබිය යුතුය.

සිහි තබාගත යුතු කාරණාව වන්නේ එවැනි වංචාවක් හෙළිදරව් වූ විට දේශපාලකයා නිවැරදිකරුවී පරිපාලන නිලධාරියා වැරදිකරු වීමේ හැකියාවයි. එය මනාව ආනයනික ඖෂධ වලින් සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී ඇති කතිකාවතින් මනාව පිළිබිඹුවේ.


ලේකම් ප්‍රමුඛ පරිපාලක නිලධාරීන් වැරදිකරුවන් ලෙස දඬුවම් විඳ ඇමතිලා කීදෙනෙක් ඒලෙස තවමත් නිදැල්ලේ සිටිත් ද.

නමුත් එසේ නොකරන, දේශපාලකයන්ට හෑල්ලු නොවන පරිපාලන නිලධාරීන්ට අප නිසි ගෞරවය ලබාදිය යුතුය.

මෑතකදී එවැනි සිදුවීමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බවට gossip වෙබ් අඩවි කිහිපයක් සඳහන් කොට තිබේ.

එහි සඳහන් වූ ආකාරයට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මාධ්‍ය ආයතනයක් සතු නාලිකාවක් පුද්ගලික මාධ්‍ය හිමිකරුවෙකුට බදු පදනමට ලබාදීම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනයේ වත්මන් සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ළඟම හිතවතෙකු බවත්, ඔහු එම හිතවත්කම භාවිතා කොට මෙම රාජ්‍ය නාලිකාව පුද්ගලික මාධ්‍ය හිමිකරුවෙකුට ලබාදෙනුයේ එමගින් ඔහුට නිල නොවන ආකාරයෙන්, ලැබෙන වරප්‍රසාද හේතුවෙන් බවත් අදාල gossip වෙබ් අඩවි පවසයි.

කෙසේ වෙතත් මෙම සභාපතිවරයාගේ නිල නොවන ව්‍යාපාරික ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යවරයාද අකමැති බව කිව යුතුය.

රාජ්‍ය මාධ්‍ය ආයතන තමයි එදිනෙදා වියදම් දරා ගැනීමටවත් නොහැකි මට්ටමක සිටින බැවින් ඇතැම් නාලිකා පුද්ගලික හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු ආරම්භ කළ අතර ඒ සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කොට කැබිනට් මණ්ඩලයේ අවසර ලබාගත යුතුය.

සභාපතිවරයා සහ අදාල පුද්ගලික මාධ්‍ය හිමිකරු අතර නිල නොවන ව්‍යාපාරික ගනුදෙනුව සාකච්ඡා කොට අවසන් කර සියලු ලිපිලේඛණද සකසා තිබුනද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත.

නමුත් සුපුරුදු පරිදි දේශපාලන බලය භාවිතා කරමින් ලේකම්වරයාට බලපෑම් කිරීමට තැත් කර ඇති මෙම සභාපතිවරයා අවසාන තුරුම්පුව ලෙස තම හිත මිතුරු ඇමතිවරයාට බලපෑම් කොට අමාත්‍යවරයා හරහා අමාත්‍යංශ ලේකම්ව බිලීබාගන්නට අද උත්සාහ කොට ඇත.

සභාපතිවරයා විසින් අදාල රාජ්‍ය මාධ්‍ය ආයතනයේ කළමනාකරණ මණ්ඩලය කැඳවා තමන් ඉල්ලා අස්වන බව කරුණාකරන මණ්ඩලයට දන්නවා ඇත. ඒ අප කලින් සඳහන් කළා වගේම එමගින් අමාත්‍යවරයා අපහසුතාවයට පත්කොට තම නොනිල ගනුදෙනුව සිදුකිරීමට අමාත්‍යවරයා හරහා ලේකම්ට බලපෑම් කිරීමටයි.

මහජනතාව සතු රාජ්‍ය සම්පතක් පුද්ගලීකරණය කරන්නේ නම් සෘජු වාසිය ජනතාව සතු විය යුතු අතර සභාපතිවරුන්ගේ සාක්කුවට නොයා යුතුය.

රජය සතු ව්‍යාපාර මහජනතාවට අයිති සම්පත් බව මෙවැනි දේශපාලන පත්වීම් ලබන සභාපතිවරුන්ට නිරන්තරයෙන් මතක් කර දීම අමාත්‍යංශ ලේකම්ගේ සිට පහළම රාජ්‍ය පරිපාලන නිලධාරියා දක්වා ඇති වගකීමක් බව අප කියා සිටින්නෙමු. එමෙන්ම ඔවුන් පෙරළා ආරක්ෂා කිරීම මහජනතාව සතු වගකීමක් බවත් තරයේ මතක් කරමු.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions