Home » ජනාධිපතිවරණය ලබන ජනවාරියේ : පොදු අපේක්ෂකයා රනිල්

ජනාධිපතිවරණය ලබන ජනවාරියේ : පොදු අපේක්ෂකයා රනිල්

by Nirodha Gamage

ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට රජය විසින් කටයුතු සූදානම් කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති අතර සීමා නිර්ණය කොමිසමේ වාර්තා මත පදනම්ව පළාත් පාලන ආයතනවල නියෝජිත සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනු ඇති.

මෙයට මාසයකට පමණ පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර මේ පිළිබඳව සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions