Home » ජනාධිපතිවරණයට එන්න රොෂාන් රණසිංහ ජනවාරි 18 පොළොන්නරුවෙන් වැඩ අරබයි

ජනාධිපතිවරණයට එන්න රොෂාන් රණසිංහ ජනවාරි 18 පොළොන්නරුවෙන් වැඩ අරබයි

by Plus One

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය කාලයේ පුවත් නිර්මානය කරන්නෙකු විය. ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා ගැන කියමින් කැබිනට් මණ්ඩලයේ සිටිද්දිම ආණ්ඩුවේ ඇතැම් කාරනා වලදී ප්‍රසිද්ධියේ ආණ්ඩුවට විරුද්ධ විය.

අමාත්‍යවරයෙකු ලෙස තම අමාත්‍යධූරයත් අවධානමක දමාගෙන එවැනි ආණ්ඩු විරෝධී වැඩ කටයුතු කරන්නෙ රොෂාන් රණසිංහ මහතාගේ මීළග දේශපාලන පිම්ම පැනීමට බව එවක අප කියා සිටියේය.

රොෂාන් රණසිංහ මහතාගේ මීළග දේශපාලන වැඩසටහන එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ජනවාරි 18වන දින පොළොන්නරුවෙන් ආරම්භ කිරීමට සූදානම් බව අපට වාර්තා උනා.

මෙම රැස්වීමෙන් පසු ජනවාරි 27 වන දින අම්පාර නගරයේද රැස්වීමක් සංවිධානය කිරීමට ද ඔවුන් සූදානම් වන බව වාර්තා වනවා. බොහෝ දුරට රොෂාන් ඇතුලු කණ්ඩායම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණැයට හෝ මහ මැතිවරණයට තරග කරනුයේ මෝටර් රථය ලාංජනය කරගත් ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණෙනුයි.

එම පක්ෂය දැනට හිමිකම් කියන ව්‍යාපාරික රුක්ෂාන් මාලින්ද මහතා හා රොෂාන් රණසිංහ මහතා සමග දීර්ඝ කාලීන සාකච්ජා පැවැත්වී ඇති බව සැලවේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions