Home » චමින්ද,බොසා ගැන කියාදෙන පාඩම – අස්පට් ෂූටිං

චමින්ද,බොසා ගැන කියාදෙන පාඩම – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් සහෝලා…..චමින්ද ගෙදර යැවීමෙන් ලොක්කාට මොකද්ද වුනේ?ලොක්කා දිනුන්ද,පරාදද?අපරාධි හලෝ ජනවාරි පළවෙනිදා ගත්ත ගැම්ම සති දෙකක් යන්න ඉස්සෙල්ලා කා ගත්තා.

අස්පට් ෂූටිං කියන්නේ ටෙලිෆෝන් එක අවසන් ගමන් යන පාපකර්මය ඕක කියලා.හැබැයි දැන් සහෝදරවරුනි එක දෙයක් පැහැදිලියි.මෙච්චර කල් ටෙලිෆොන් එක ඇතුලේ හොල්මන් කරපු අදෘශ්‍යමාන හස්ත එකින් එක එලියට එනවා.දැන් එයාලා ඩිරෙක් ඕඩර්ස් දෙන තැනට ඇවිත්.

ඉස්සර රජ කාලේ බිසවට දරුවෙක් හම්බ වුනාම රජතුමා කියනවා ” දේවිය ඔබ කැමති වරයක් ඉල්ලන්න ” කියලා.ඒ වෙලාවට එක එක දේවිලා එක එක වර ඉල්ලනවා.මේ දේවියත් ඒ දේවිලට දෙවෙනි නෑ.කෙලින්ම කවුන්සිලෙන් බිල්ලක් ඉල්ලුවා.

නිකං හිතන්නකෝ සහෝලා විජේසිරිට දේශපාලන ඉලක්කයක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ.හැබැයි ඔය මස්සිනාට උඩින් ඉලක්කයක් එක්ක දේශපාලනය කරන කෙනෙක් හිටියා නං මිනිහට වෙන්නෙත් ඔය සෙතේම නේද?

එහෙම කෙනෙක් නං කීයටවත් ඉල්ලා අස්වෙන්න එකඟ වෙන්නේ නෑනේ.එහෙම උනොත් මොකද වෙන්නේ?ලොක්කගේ තාත්තාට නං ඒ වගේ අයට දෙන්න වෙනම උත්තර තිබුණා.මෙතන තාම එහෙම ඒවා නැති උනත්,මිනිහගේ දේශපාලනය නං ඉවර කරනවා.

දැනටත් එහෙම වෙලා නැද්ද?නිකං හියන්නකෝ හිරුණි ගැන.ඇත්තටම හිරුණී ෆෝවර්ඩ් ගෑනි. හිරුණිගෙන් ගන්න ඕනි වැඩ ඔක්කොම ගත්තා. කාන්තා බලමුළු හදාගත්තා,හිරුණි ලව්ව හාමුට නැතිවෙන්න බැන්නුවා.

සටනේදී හිරුණි හැමදාම හිටියේ ඉදිරි ආරක්ෂක වලල්ලේ.අද සටනත් නෑ හිරුණිත් නෑ.කවුද හිරුණිගේ බෙල්ල කැපුවේ.වෙන කවුරුත් නෙවෙයි ආර්යාව.

අස්පට් ෂූටිං කියන්නේ එක්කෝ බොසා ආර්යාවට පක්ෂය බාරදීලා සැලොන් එක කරගෙන ඉන්න ඕනි.ඒකත් කරන්න බෑනේ,රාජයෝගය තියෙන්නේ ලොක්කටනේ.අනික ඉතින් ඔය විදිහට ආර්යාවක් කියන කියන පදයට නටන නායකයෝ පස්සේ යන කට්ටියගෙත් කොදු නාරටි පරීක්ෂා කරන්න ඕනි.

මෙයාලා බලය ගත්තොත් ආයෙත් හැදෙන්නේ අර වගේම වැඩවසම් පවුල් පාලනයක්.එදා රට පාලනය කලේ අප්පච්චියි,අප්පච්චිගේ ආර්යාවයි, බාප්පොච්චිලා දෙන්නයි,ලොකු අප්පචිචියි,පුතාලා සෙට් එකයිනේ.

මෙතන වෙන්නෙත් ඒකම වෙන විදිහකට. බොසයි,බොසාගේ ආර්යාවයි,සහෝදරියයි,L ෆොන්සේකයි,දැන් ඔය කවුන්සිල් එන ඥාතියයි තමයි රට පාලනය කරන්නේ.මරික්කා ඕනි නං අතුපතු ගාන වැඩවලට ගනී.

අර පාලනේ ඇතුලේ අප්පච්චට ලොකු බලයක් තිබුණා.මේකේ බොසාට ඒ මොකුත් නෑ.බොසා කියන්නේ පුටුවක වාඩිකරපු රූකඩයක් විතරයි.

 

අස්පට් ෂූටිං

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions