Home » චන්ද්‍රිකාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පුටුවෙන් එයි.

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පුටුවෙන් එයි.

by Plus One

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණය කොට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.

පොදුජන පෙරමුණු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද මෙහිදී තීරණය කර ඇති අතර ඒ අනුව එම සන්ධානයේ නායකත්ව මණ්ඩලයෙන් 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වේ.

සන්ධානයේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කොට ඇති අතර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා බොහෝ දුරට මෙම සන්ධානයේ මහ ලේකම් වනු ඇති බවට දැනට වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions