Home » ගොඩ ඒමක් නෑ – අස්පට් ෂූටිං

ගොඩ ඒමක් නෑ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……සජා කියන්නේ වැඩකට නැති අමුතු ජාතියේ භාණ්ඩයක් කියලා තවමත් නොතේරෙන ටෙලිෆොන් කාරයෝ ඉන්නවද?මචං යුද්දෙකට යන සෙන්පතියෙක් ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ සේනාංකය ශක්තිමත් කරගන්න එකනේ.

එහෙම ශක්තිමත් කරගත්ත සේනාංකයකට තමයි සතුරු හමුදාවක් පරද්දන්න පුළුවන්.එහෙම බලද්දී සජා කියන්නේ නියම සෙන්පතියෙක් නෙවෙයි යුධ අපරාධකාරයෙක්.සජා එවලා තියෙන්නේ සතුරු කදවුරෙන්ද කියලත් එක වෙලාවකට සැක හිතෙනවා මචං.

දැන් බලපං සජා කරන්නේ හතුරු කදවුරේ කොන්ත්‍රාත්නේ.ඒ පැත්තේ කට්ටිය අරන් මේ පැත්තේ ඉන්න අයට ගස්සලා එයාලගේ ෆ්ලැටූන් ගත්ත අයට බාරදෙනවා.දැන් මචං මහීලගේ, නන්දෙලගේ හිටපු නීති උපදේශක අංකල් ජීඑල් තමයි සජාගේ නීති උපදේශක.

එතකොට නන්දෙගේ ආර්ථික උපදේශක වියත් ගොඩේ තමයි දැන් සජාගේ ආර්ථික උපදේශක.නන්දේගේ ළඟම හිටිය බඩියා….ආමි දයා තමයි දැන් සජාගේ ආරක්ෂක උපදේශක.මචං සජා වියත් ගොඩේයි.ආමි දයයි ගත්තේ හර්ෂාටයි. ෆොනීටයි ගහන්න.

එහෙම කරන ගමන් සජා කියනවා නන්දේ රට බංකොලොත් කළා කියලා.ඉතින් මචං නන්දෙට රට බංකොලොත් කරන්න උපදෙස් දුන්නේ වියත් ගොඩේලානේ. මහීලගේ අපරාධ ගැන කියන සජා ෆොනීට මහීලා කරපු අපරාදෙට උදව් කරපු ආමි දයා අරන් ආරක්ෂක උපදේශකත් කරගෙන.ඛණිජ වැලිවලට කතා කරන්න පුළුවන් නම් ආමි දයා ගැන කියයි.

මචං සජා ඩිලා ගත්තේ විජේසිරිට ගහන්න.ජයසුමනේ ගත්තේ රිෂාටයි, හකීටයි ගහන්න.

මචං උඹලට සජා හම්බ උනොත් අස්පට් ෂූටිං කිව්වා කියලා කියනවද දැන් ඔතෙන්ට අඩු මහීයි.නන්දෙයි,බීආරුසි. නා….මළයයි විතරයි කියලා.ඒ කට්ටියත් අරන් මල් පොහොටුවකුත් කාර්යාලය ඉස්සරහින් ගහගන්න කිව්වා කියලා.

එක අතකින් සිරීට,හාමුත් එක්ක එකතු වෙන්න හොඳ නං.මහීට,හාමුත් එක්ක එකතු වෙන්න හොඳ නං.ආය සිරීට,මහී එක්ක එකතු වෙන්න හොදයි නං. මහීලගෙයි,සජාගෙයි සුසංයෝගයක් විතරයි මචං දැනට අඩු.

අස්පට් ෂූටිං

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions