Home » කැළණියට තව කොච්චර දුරද? – රටේ රාළ

කැළණියට තව කොච්චර දුරද? – රටේ රාළ

by Plus One

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනයේ නව ගොඩනැගි පරිශ්‍රය ඊයේ (31) විවෘත කළා.රනිල් එනවට විරෝධය පළ කරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ ගිය 29 වෙනිදා විරෝධතා ව්‍යාපාරයක් කළා.29 දා රෑ කොළඹ නුවර පාර අවහිර කරමින් පාරට ආපු ශිෂ්‍යයින් විසුරවන්න පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා තිබුණා.

ඊට අමතරව 30 වෙනිදා විශ්ව විද්‍යාල ඇතුලෙත් උද්ඝෝෂණයක් කරලා තිබුණා. මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය.මේ විරෝධය කරන්නේ රනිල්ට විශ්ව විද්‍යාලයට එන්න එපා කියලා.එයාලා කියන්නේ දේශපාලනඥයින් විශ්ව විද්‍යාලයේ දේශපාලන සන්දර්ශන දාන්න ඉඩ දෙන්නේ නෑ කියලයි.දේශපාලනය විශ්ව විද්‍යාල ඇතුලට ගේන්නේ එපා කියලයි.

එතකොට එන පළවෙනි ප්‍රශ්නය තමයි අන්තරය කරන්නේ දේශපාලනය නෙවෙයිද කියන එකයි?අන්තරේ ඉතිහාසය පුරාම ජවිපෙ හරි පෙරටුගාමීන්ගේ හරි දේශපාලන අනුබද්ධ සංවිධානයක් විදිහට තිබුණ බව රහසක් නෙවෙයි.අදත් එහෙමයි.එතකොට මේ කියන්නේ එයාලගේ දේශපාලනය කරන්න පුළුවන් වෙන කාගේවත් දේශපාලනයට ඉඩ නෑ කියලයි.ඒකේ සරළ සිංහල තේරුම ඒකයි.

ඇත්තටම විශ්ව විද්‍යාලයක් කියන්නේ බුද්ධිමය සංවාද මණ්ඩපයක්.ඒකේ පක්ෂ විපක්ෂ හැම මතයකට අවස්ථාව තියෙන්න ඕනි.ඒ සංවාදය ඇතුලේ තමයි හොඳදේ මතු කරගන්න ශිෂ්‍ය ප්‍රජාවට අවස්ථාවක් හම්බ වෙන්නේ.දැන් හැබැයි අපේ රටේ විශ්ව විද්‍යාලවලට ජවිපෙ හරි පෙරටුගාමීන්ගේ මතයට හැර වෙන මතයකට එන්න දෙන්නේ නෑ.

ඒක හරියට මිලිටරි ආණඩුවක් වගේ තැනක්.එතන වෙනත් මතයකට එන්න නොදෙන්න හදපු සංවිධාන ක්‍රියාවලියක් තියනවා.ඒක ස්වේච්චාවෙන්ම හදපූ ක්‍රියාවලියක් නෙවෙයි.ඒක කරන්නෙත් බලහත්කාරයෙන්.දීර්ඝ කාලීනව පවත්වාගෙන ආපු බල ආධිපත්‍යය විසින් සියලු ශිෂ්‍යයන් යට කරපු බලහත්කාරයක් එතන තියනවා.

එහෙම සංස්කෘතියක් තමයි විශ්ව විද්‍යාල ඇතුලේ තියෙන්නේ.ඒ බලහත්කාරය ඇතුලේ එයාලගේ රැස්වීම්වලට, සංවිධානවලට සහ දේශපාලනයට අනුගත වෙන්න ශිෂ්‍යයන්ට බල කෙරිලා තියනවා.එහෙම නොවෙන අයට ගහනවා,එලවනවා,රැග් කරනවා.ඒවට වෙන් වෙච්චි වධකාගාර විශ්ව විද්‍යාල ඇතුලේ තියනවා.

ඇත්තටම සමහර විශ්ව විද්‍යාල හරියට පවත්වාගෙන යන්නේ වෙනමම රාජ්‍ය වගේ.හැබැයි රටේ තියෙන්නේ ඊට වැඩිය වෙනස් තත්වයක්.රටේ තියන අනෙක් දේශපාලන මතවාද විශ්ව විද්‍යාල ඇතුලට එන්න දෙන්නේ නෑ.ඒකෙන් වෙන්නේ හරිදේ මතු කරගන්නවා වෙනුවට යටත් කිරීම විසින් එයාලට ඕනිදේ විතරක් මතුකර ගැනීමයි.

හැබැයි සියලු ප්‍රතිපාදන දෙන්න ඕනි රාජ්‍යයෙන්.ජනතාවගේ බදු මුදල්වලින්. මහපොල දෙන්න ඕනි.විශ්ව විද්‍යාලයට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනි.ආචාර්ය මහාචාර්ය සහ අනෙකුත් කාර්යමණ්ඩලවලට පඩි දෙන්න ඕනි.ඒ සියල්ල එයාලගේ බලයට යටත් වෙලා කරන්න ඕනි වගේ අදහසක් තමයි එතන තියෙන්නේ.

ඒ ඔක්කොම රාජ්‍ය විසින් සම්පුර්ණ කරද්දී විශ්ව විද්‍යාල ඇතුලට දේශපාලනය ගේන්න එපා කියන තර්කය මොනතරම් මෝඩද?අපේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ඉන්න තැන ඕකද?ඇත්තටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ලැජ්ජා වෙන්න ඕනි. අනිත් අය එන එක දේශපාලනය නං තමන් කරන එක දේශපාලනය නෙවෙයිද?

ඇත්තටම ඒක දේශපාලන නෙවෙයි.ඒක අදේශපාලනය.දැන් කැලණියේ ශිෂ්‍යයෝ කියන්නේ රනිල් විශ්ව විද්‍යාලය ඇතුලට ගේන්න එපා කියලා.හරි ඒකත් කමක් නෑ කියමුකෝ.එතකොට මේ රටේ රාජ්‍ය නායකයට කැළණිය විශ්ව විද්‍යාලට යන්න අවසර නැද්ද?ඒකට රනිල්ද,සජිත්ද,අනුරද කියන නම වැඩක් නෑ.අපේ රටේ රාජ්‍ය නායකයා කියන්නේ සමස්ථ රාජ්‍ය පද්ධතියටම නායකයා.

එහෙම නැතිව විශ්ව විද්‍යාල පද්ධතියට වෙනම රාජ්‍ය නායකයෙක් නෑ.විශ්ව විද්‍යාල  මේ විදිහට මිල්ටරිකරණය වෙන එක අනිවාර්යෙන්ම නවත්තන්න ඕනි. විශ්ව විද්‍යාල ඇතුලේ සියලු මතවලට ඉඩ තියන විදිහට ප්‍රජාතන්ත්‍රීකරණය වෙන්න ඕනි.එහෙම නැතිව මේ යන විදිහට නං තවදුරටත් විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මේ රටට අවශ්‍ය බුද්ධිමතා වෙනුවට විශ්ව විද්‍යාල තුලින් එලියට දාන්නෙත් අමුතුම විදිහේ මැට් මෝලෙක්.

නිකං හිතන්නකෝ එහෙම තියන විශ්ව විද්‍යාලයකට උඹලම කරගනිල්ලා කියලා රජයේ ප්‍රතිපාදන කැපුවොත් මොකද වෙන්නේ.ලෝකේ එහෙම කරපු තැන් තියනවා.රජයේ ප්‍රතිපාදන කියන්නේ රනිල්ගේ බූදලයක් නෙවෙයි වගේම විශ්ව විද්‍යාල කියන්නේ ජවිපෙවත්, පෙරටුගාමීන්ගේවත් බූදලයක් නෙවෙයි.

එයාලා තවදුරටත් ගෙනියන්නේ සියල්ල අල කරලා.සියල්ල පච කරලා,කුඩුපට්ටම් කරලා බලය අතට ගැනීමේ ක්‍රමය. තියනදේ සාධනීය මට්ටමකින් ඉදිරියට ගෙනියනවා වෙනුවට තියනදේ කුඩුපට්ටම් කරන අන්තවාදී දැක්මක තමයි එයාලා ඉන්නේ.තියනදේ කුඩුපට්ටම් කරලා පාරේ ආණ්ඩු හදන්න හදනවා

ඒ වගේ program එන්නේ ඒ වගේ ගොබ්බ සංකල්පයත් එක්ක.ඇත්තටම මේ රටේ උසස් අධ්‍යාපනයේ අවසන් කඩයිමට එන ශිෂ්‍ය ප්‍රජාව මේ වගේ තක්කඩි දේශපාලන ක්‍රියාවලියකට යටත් කරලා රට කොහාටද ගෙනියන්න හදන්නේ?එක්කෝ මෙයාලා මේ රටේ බලය අරගන්න ඕනි.එහෙමත් බෑ.අවුරුදු ගාණක් තිස්සේ මේ දේශපාලනය ක්‍රියාත්මක කරකර ඉන්නවා.

ඕකෙන් බිහි වෙන්නේ මහා නිවට උපාධිධාරියෙක්. එයා ඕක ඇතුලේ ඉන්න කල් ජවිපෙ සහ පෙරටුගාමින්ට යටත් උන යටත් විජිත බය ගුල්ලෙක්.උපාධිය අරන් එලියට ආවාට පස්සේ තමන්ට අවස්ථාවක ගන්න උපාධියත් අරන් දේශපාලකයෝ පස්සේ යන තවත් නිවටයෙක් වෙන්න එයාට සිද්ධ වෙනවා.එතකොට තනතුරු වෙනුවෙන් ඕනි නිවට වැඩක් කරන මිනිහෙක් බවට එයා පත්කරලා ඉවරයි.

හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions