Home » කැනඩා රජයට TikTok තහනම්

කැනඩා රජයට TikTok තහනම්

by Nirodha Gamage

කැනඩාව සඳුදා චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok රජය විසින් නිකුත් කරන ලද උපාංගවලින් අවහිර කළේ එය පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් ඇති කරන බව පවසමිනි.

ෆෙඩරල් සේවකයින් අනාගතයේදී යෙදවුම බාගත කිරීම අවහිර කිරීමට කැනඩාව පියවර ගත් බව කැනඩාවේ භාණ්ඩාගාර ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. TikTok හි දත්ත එකතු කිරීමේ ක්‍රම මගින් දුරකථනයේ අන්තර්ගතයට සැලකිය යුතු ප්‍රවේශයක් ලබා දෙන බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ

TikTok ප්‍රකාශ කළේ කැනඩාවේ තීරණය ගැන කලකිරුණු බවයි. එය නිකුත් කර ඇත්තේ “TikTok පිළිබඳ නිශ්චිත ආරක්‍ෂක ගැටළු උපුටා දැක්වීමකින් තොරව හෝ මෙම තීරණය ගැනීමට පෙර කිසියම් ගැටළුවක් සාකච්ඡා කිරීමට අප හා සම්බන්ධ නොවී” යනුවෙන් සමාගමේ ප්‍රකාශකයෙක් විද්‍යුත් තැපෑලෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions