Home » ‘‘කාන්තාවන්, ළමුන් ආරක්ෂා කිරීමට ONLINE පනත ගේනවා කිව්වත්, පනතේ ඒ වචන දෙකවත් නෑ‘‘ – ඉරාන් වික්‍රමරත්න

‘‘කාන්තාවන්, ළමුන් ආරක්ෂා කිරීමට ONLINE පනත ගේනවා කිව්වත්, පනතේ ඒ වචන දෙකවත් නෑ‘‘ – ඉරාන් වික්‍රමරත්න

by Plus One

යෝජිත ත්‍රස්ථ විරෝධි පනතින් රටේ පවතින සංවිධාන ත්‍රස්ථ සංවිධාන ලෙස හඳුන්වා එම සංවිධාන අත්හිටුවන්න පුළුවන් බලයක් ද තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

මාර්තගස්ථ ආරක්ෂණ පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ආණ්ඩුව සුදානම් වන බවත් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කරන්න මේ පනත ගෙන එන බව ආණ්ඩුවේ මැති ඇමැතිවරු පවසන බවත් නමුත් කාන්තාවන් සහ ළමුන් පිළිබඳව මාර්තගස්ථ ආරක්ෂණ පනතේ සඳහන් වන්නේ නැති බවත් ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.
මාර්තගස්ථ ආරක්ෂණ පනත හරහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ගේ , මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන අධිකරණ නියෝජගයක් නොමැතිව ලබාගැනීමේ අයිතිය තිබෙන බවත් වික්‍රමරත්න මහතා හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද පැවැසීය.
‘‘කතානායකවරයා දැනුම් දුන්නා පාර්ලිමේන්තුව කල් දානවා කියලා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් කල් දාන්නේ කතානායකවරයා නෙවෙයි ජනාධිපතිවරයා.පාර්ලිමේන්තුව කල් තියන්න කලින් හදිසියේම නීති කිහිපයක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න හදනවා. ආණ්ඩුව හදිසියේම ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කර ගන්න හදනවා. පාර්ලිමේන්තුවට පනත් ගේනකොට ක්‍රමවේදයක් තිබෙනවා. අලුතින් ගේන පනතක් යම් ජන කොට්ඨාසයකට බලපානවා නම් ඒ ජන කොට්ඨාසය සමඟ සාකච්ඡා කළ යුතුයි. පනතක් ගේන්න කලින් ඒ පිළිබඳව සාකච්ඡා කළාම පනතේ තිබෙන වෙනස්කම් අඩුවෙනවා. ක්‍රමවේදය වැදගත් පනතක් ගේනකොට සියලු දෙනා එකතු වෙනවා. ඒ වගේම ගේන පනත සම්බන්ධයෙන් විශේඥයින්ගේ අදහස් විමසිය යුතුයි.
මාර්ගස්ථ ආරක්ෂණ පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සුදානම් කරලා තිබෙනවා. මේ පනතින් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කරනවා කියලා කිව්වත් ඒ වචනවත් මේ පනත තුළ අඩංගු වෙන්නේ නෑ. මාර්ගස්ථ ආරක්ෂණ පනත භායානක පනතක්. මේ පනත හරහා මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතනය ඕනෑම වෙලාවක ගන්න පුලුවන් අධිකරණ නියෝගයක් නැතිව. බොරුවක් කිව්වොත් මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුලුවන්. මේ පනත හරහා ජනතාවගේ නිදහස සීමා වෙනවා. මේ පනත සම්මත වෙන්නේ අපරාධ නීතියක් විදිහට. මාර්ගස්ථ ආරක්ෂණ පනත හරහා කොමිසමක් නිර්මාණය වෙනවා. ඒ කොමිසමත් ජනාධිපතිවරයා යටතේ තමයි පාලනය වෙන්නේ. අධිකරණ බලය තිබෙන්නේ අධිකරණයට පමණයි. ඒ බලය කොමිසන් සභාවලට දෙන්න බෑ. මේ පනත් ගෙන ඒමෙන් ආණ්ඩුව අධිකාරීවාදයක් නිර්මාණය කිරිමේ වෑයම නිරත වන බවත් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
ජනතාවට තිබෙන විශාල ප්‍රශ්නයක් තමයි ජිවන වියදමේ ප්‍රශ්නය. මේ නිසා රජයට හැකි වෙලා තිබෙනවා අධිකාරිවාදය යටතේ ජනතාවගේ පුද්ගලික නිදහස , සිතිමේ නිදහස , අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස , එකතුවීමේ නිදහස සීමා කරන්න. රජය ප්‍රකාශ කරනවා පවුලක් නඩත්තු කරන්න රුපියන් 65,000 ක් විතර අවශ්‍ය වෙනවා කියලා. නමුත් පවුලක් නඩත්තු කරන්න 85,000 ක් විතර අවශ්‍ය වන බව අලුත්ම සමීක්ෂණ වලින් තහවුරු කරලා තිබෙනවා. නමුත් රටේ වැඩ කරන ජනතාවගෙන් සියයට 70 කගේ පමණ මාසික ආදායම රුපියල් 50,000 ක් විතර.
යහපාලන ආණ්ඩුව සමයේ ලංකාව මධ්‍යම ආදායම් රටක්. ඒ කාලයේ ඒක පුද්ගල ආදායම ඩොලර් මිලියන 4000 කට වැඩි වුණා. ඒ කාලයේ සියයට 20 ට තිබුණ දළ දේශීය නිෂ්පාදනය සියයට 10 දක්වා බැහැලා තිබුණා. ඒ අනුව යහපාලන ආණ්ඩුව සමයේ දළ දේශිය නිෂ්පාදනය වැඩි කරන්න බදු අයකළා. ඒ අනුව සියයට 10 ක්ව තිබුණ දළ දේශීය නිෂ්පාදනය සියයට 13 දක්වා වැඩි කළා. එදා ආදායම් බදු ගෙවිය යුතු අයගේ ෆයිල් තිබුණේ ලක්ෂ 7 කට අඩුවෙන්. ගෝඨාභයට රට බාර දෙනකොට බදු ගෙවිය යුතු අයගේ ෆයිල් ලක්ෂ 17 දක්වා වැඩි කළා. බදු ගෙවිය යුතු මිනිස්සු බදු ගෙවිය යුතුයි. අසරණ ජනතාව මත පිඩනට පටවලා වැඩක් නෑ.
සමගි ජන බලවේග රජයටක් යටතේ ගන්න පුලුවන් මිනිස්සුන්ගෙන් බදු ගන්නවා. ඒ සඳහා ක්‍රමවේද තිබෙනවා. රටේ ආදායම් වැඩි කළ යුතුයි. රටේ පුද්ගලික අංශය දියුණු කළ යුතුයි. සමගි ජන බලවේග රජයටක් යටතේ මුල් තැන දෙන්නේ ආර්ථිකය වර්ධනය කරන්න.
අපනයනයට මුල් තැන ලබාදෙනවා ඒ හරහා වෙළඳපොලවල් විවෘත වෙනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යනවා. මේ වැඩපිළිවෙල සිදුකරන අතරවාරයේදී සමාජ ආරක්ෂණයද අවශ්‍යම කාරණයක් වෙනවා.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions