Home » කබ්රාල්ට, මහ බැංකු අධිපතිගෙන් ටොක්කක්

කබ්රාල්ට, මහ බැංකු අධිපතිගෙන් ටොක්කක්

by Plus One

දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙය වූවානම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත් නොවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. මාතර පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා තමන් ගන්නා අපහසු තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනතාව තේරුම්ගනු ඇති බවට විශ්වාස කරන බවයි. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම පහසු නොවන අතර ඒ සඳහා අපහසු තීරණ ගැනීමට සිදුවන බවත් ඒවා ජනප්‍රිය තීරණ නොවන අතර එහිදී යම් කොටසකට පීඩාවට පත්වන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. ඒ තුළින් අදාළ තීරණ ගන්නා ලද පිරිස් වෙත දෝෂාරෝපණයක් එන බවත් කොතරම් දෝෂාරෝපණ පැමිණියද ගන්නා ලද තීරණ නිවැරදි නම් සුදුස්සන් සහ දැනුම ඇති පුද්ගලයින් එම දෝෂාරෝපණවලට නොනැමී හරිදේ කිරීමේ හැකියාව තිබිය යුතු බවයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions