Home » ඔන්ලයින් පණතට සජිත්ගෙන් බකට් එකක්

ඔන්ලයින් පණතට සජිත්ගෙන් බකට් එකක්

by Plus One

රජය ඉදිරිපත් කරන මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පනත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන, සිවිල්සංවිධාන, ‍ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන කණ්ඩායම් සහ වෘත්තීය සමිති ආදී පාර්ශව කරුවන් රැසක් සමග සිදු කළ සාකච්ඡාවලින් පසුව විපක්ෂය මෙම තීරණය ගෙන ඇත.

මෙවැනි අණ පනත් හරහා ආණ්ඩුව සාකච්ඡා කිරීමේ, විවාද කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ නිදහස ඇතුළු මානව අයිතීන්න් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන දරදඬු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ප්‍රවේශ වීමට උත්සාහ දරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය

ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙකු බව රටටත් ලෝකයටත් පෙන්වා ඇති ජනාධිපතිවරයා මෙවැනි පනත් ක්‍රියාත්මක කිරීම හරහා ඔහු මවාගත් ස්වරූපය බොරුවක් බවට ඔප්පු කරමින් සිටින බවද විපක්ෂනයකවරයා සඳහන් කළේය.

Join with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions