Home » රනිල්‍ට මංජුලගෙන් නින්ජා ප්‍රහාරයක්!

රනිල්‍ට මංජුලගෙන් නින්ජා ප්‍රහාරයක්!

by Nipuna Fernando

1),වත්මන් මැතිවරණ කොමිසම මාර්තු 20 ට පෙර පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීමට සූදානම්. අළුත් නීති සංශෝධනයත් සමඟ එකතුවන ලක්‍ෂ දෙකකට ආසන්න තරුණ ප්‍රජාවේ ජන්ද අයිතිය තහවුරු කරමින් ඔවුන් අදාළ දින වකවානු නුදුරේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

02), ඊට ජනාධිපතිවරයා එකඟ නැහැ. අගමැතිත් එකඟ නැහැ. ඒත් වෙනස්කම් දෙකක් තිබෙනවා. ජනාධිපති හිතන්නෙ පළාත් පාලන සභිකයන් ප්‍රමාණය 4,000 කින් අඩුකිරීමේ සූත්‍රය මඟින් මේ වැඩේ කරන්න. ඒත් අගමැති අකමැතියි සභිකයන් ප්‍රමාණය අඩුකරන්න. ඒත් ඊට වඩා නිර්මාණාත්මක යමක් ගැන හිතන්න තරම් එයා smart නැහැ.

03. මෙතැනදී ගැලවුම්කරුවෙක් ලියුමක් ලියනවා ජනාධිපතිට සහ අගමැතිට. 4,000 ට අඩුකරන වැඩේ මම කරලා දෙන්නම් මාස දෙකෙන් තුනෙන් කියනවා. මේක බලාගෙන ගියාම මරු. ඒ ලිපියම අස්සන සහ සීල් එක වෙනස් කරලා කැබිනට් එකට දානවා.

04. මේක මාරාන්තික ගේමක්. නීතියට අනුව ජන්ද විමසීම කල්දාන්නෙ නැහැ. සිමා නිර්ණය කිරීමත් කොහොම හරි කලා කියමු. ඊට පස්සේ එනවා stratregy එක use කරන වෙලාව. ෆයිසර් මුස්තාෆා මේකට අවශ්‍ය පුර්වාදර්ශය දීල තියෙන්නෙ. එයා එයාම ගෙනා වාර්තාව පරාජය කල අපකීරිතිමත් භාවිතාවක් අත්හදා බැලුව. ඉතිං ඔය 4,000 අඩුකරන වාර්තාව ගැනත් අපිට පුළුවන් තර්ක කරමින් ඉන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය දිනය වන තෙක් අපි තර්ක කරනවා

05), ජන්දය කල් දැම්මට වෙනදා වගේ විරෝධයක් එන්නෙ නැහැ. ඕකට විරුද්ධ වෙන්නෙ පැෆ්රල්ය, CMEV සහ අපි කීප දෙනෙක් විතරයි. ජන්ද කල්දැමීම ගැන සාධනීය මැදිහත්වීමක් කල කීර්ති වුණත් ජනාධිපතිතුමා අසළ ගැවසෙමින් ඉන්නවා ඊළඟ තනතුර ලැබෙන තෙක්. UNP එකේ කොළඹ නෝනා මහත්වරු මීට විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා වැඩේ ගොඩ.

06), ඊට පස්සේ ඕනනම් තර්ක කිහිපයක් එළියට දානවා. පළමු තර්කය තමයි පළාත් පාලන ජන්ද තියන්න සල්ලි නැහැ. (ඊට වත්මන් මැතිවරණ කොමිසම් සභාපතිවරයා යස පිළිතුරක් දීල තිබුන මෙහෙම : //ජනමත විචාරණ තියන්න සල්ලි තියේනං පළාත් පාලනේට අවුලක් නැහැනෙ//)

07), තර්කය මාර සාධනීයයි. ඇයි. ඔය 4,000 අඩුකරනවට කවුරුත් කැමතියි. ඕක භාරගන්න කෙනා ඒක දන්නව. හැබැයි මම දන්න සීමා නිර්ණයට අනුව නම් මාස තුනකින් කරන්න පුළුවන් මිට ගහනවා වගේ වැඩක් පමණයි. ආචාර්ය සුජාතා ගමගේ වැනි අයට මේ ගැන හොද අදහසක් තිබෙනවා. දැන් තියෙන සීමා නිර්ණය සැබෑම අවුලක්. ඕක ලිහන්න නම් පුළුල් සංවාදයක් එක්ක අවම මාස හයක කාලයක් අවශ්‍යයි. ඒත් මාස තුනෙන් හැකිනම් සුබ පතනවා ඒ ගැන. (අවුල් එක්කම වැඩේ ඉවර කලොත් පහසුයි.මොකද එතකොට තමයි ජන්දේ කල් දාන්න පුළුවන් තර්කය හැදෙන්න).

08. හමාර කතාව මේකයි.
අ. සභිකයන් වැඩි කලේ රනිල්. අඩුකරන්නෙත් රනිල්. යළිත් වැඩි කලොත් ඒ කරන්නෙත් රනිල්
ආ. 4,000 අඩුකරන්න භාරගන්න අයම රනිල් කීවොත් මේක වැඩි කරන්න ඕන කියල මොකද වෙන්නෙ . ඔව් සර් වැඩි තමයි කියල ඔය වැඩේ භාර ගන්නවා එලෙසම

ඇ. තර්කය දාන්න හිටියේ වෙනස් විදියට. වත්මන් කොමිසම ජන්ද තියන්නේ නැහැ කියල. දැන් දැන් පේන්නේ ඒ අය වැඩේට බැහැල. ඒ නිසා 4,000 අඩුකරන වැඩෙන් පටන් ගන්නවා. කොහෙන් ගියත් ඕක වාසිදායක වැඩක්. කිසිදු මැතිවරණයක් තියන්න පෙර කොමිසම ගෙදර යවන වැඩේ හරි කරන්න පුළුවන්. හැබැයි මැතිවරණ හැකිතාක් කල් දාල, කල්දාන්න උපදෙස් එහෙමත් දීල කැටයම් දාල ගෙදර යනවට වඩා ගෞරවනීයයි මැතිවරණ කල්නොදා ඊට උත්සහ කරලා ගෙදර යන එක.
ඈ. එහෙම බැලුවම මේක ඇත්තටම නින්ජා ප්‍රහාරයක් !

උපුටනය :- මංජුල ගජනායක මහතාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions