Home » උත්තර දක්ෂින ගුවන් බල සංග්‍රාමයේ නවතම තතු

උත්තර දක්ෂින ගුවන් බල සංග්‍රාමයේ නවතම තතු

by Nipuna Fernando

උතුරු කොරියාව සිය දේශසීමාව ආසන්නයේ යුද ගුවන් යානා 12ක් පියාසර කළ බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් හමුදා ගුවන් යානා 30ක් දියත් කිරීමට දකුණු කොරියාව පෙළඹවූ බවත් දකුණු කොරියාව ප්‍රකාශ කර තිබේ.

දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කරන්නේ උතුරු කොරියානු ප්‍රහාරක ජෙට් යානා අටක් සහ බෝම්බ ප්‍රහාරක යානා හතරක් මෙලෙස පියාසර කළ බවයි.

උතුරු කොරියානු ගුවන් යානා ගුවනින් මතුපිටට වෙඩි තැබීමේ අභ්‍යාස සිදු කර ඇති බවට විශ්වාස කරන බවත් ප්‍රකාශ කරන ලදි.

ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව යුද ගුවන් යානා 30ක් පියාසර කර ඇත.

මීට පෙර, උතුරු කොරියාව සිය නැඟෙනහිර මුහුද දෙසට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව එක්සත් ජනපදය සහ ජපානය සමඟ කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නාවික අභ්‍යාස පවත්වා ඊට ප්‍රතිචාර දක්වන ලදි.

එසේම උතුරු කොරියාව පසුගියදා ජපානයට ඉහලින් ද මිසයිලයක් එල්ල කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions