Home » ඉරාජ්ගේ සංගීත සංදර්ශනයට මහජන විරෝධය

ඉරාජ්ගේ සංගීත සංදර්ශනයට මහජන විරෝධය

by Nirodha Gamage

ඉරාජ් වීරරත්න විසින් අද (24) ගාල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇති සජීවී සංගීත සංදර්ශනය සඳහා මේ වන විට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

‘අලුත් කලාවක්’ ලෙස නම් කර ඇති මෙම සංදර්ශනය ගාල්ල පාපන්දු පිටියේදී පැවැත්වීමට නියමිතයි.

සංගීත සංදර්ශනය නිසා ක්‍රීඩාංගනයට හානි සිදුවී ඇති අතර එය ප්‍රදේශවාසීන්ගේ කෝපයට හේතු වී ඇතැයි පැවසේ.

කොවිඩ්-19 වසංගතය පැතිර ගිය දිනවල අතහැර දමා තිබූ භූමිය පසුව ප්‍රදේශවාසීන් විසින්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම සංගීත සංදර්ශනය පාපන්දු පිටියේ පැවැත්වීමට ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්දු (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ) අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions