Home » ඉන්දීය අහස රකින්න අලුත් සටන් සගයෙක්

ඉන්දීය අහස රකින්න අලුත් සටන් සගයෙක්

by Nipuna Fernando

අරුණාචල් ආශ්‍රිත චීන දේශසීමාවේ ආරක්ෂාව සදහා පළමු වරට දේශියව නිෂ්පාදනය කළ සැහැල්ලු සටන් හෙලිකොප්ටරය වන ‘ප්‍රචන්ඩ්’ යෙදවීමට ඉන්දීය හමුදාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මාසය අවසන් වන විට හමුදාව විසින් ‍දේශසීමාවේ මිස්සමාරි ප්‍රදේශයේ සැහැල්ලු සටන් හෙලිකොප්ටර හතරක් යෙදවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම හෙලිකොප්ටර් යානා පහෙන් තුනක් ඉන්දීය හමුදාවට දැනටමත් ලැබී ඇති අතර, එම යානා 10ක් අදාළ කලාපයේ යෙදවීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය යුධ හමුදා ගුවන් සේවා බලකායන් තුනෙන් එකක මූලස්ථානය මිස්සමාරි හි පිහිටා ඇති අතර සෙසු බලකා ලෙහ් සහ ජෝද්පූර් හි පිහිටා තිබේ. නැගෙනහිර ප්‍රදේශයේ ගොඩබිම් හමුදාවන්ට සහාය වීම සඳහා ඉන්දීය හමුදාවේ ගුවන් හැකියාවන් ඉහළ නැංවීම සඳහා මිස්සමාරි ගුවන් හමුදා මූලස්ථානය මේ වසරේ මාර්තු මාසයේදී ස්ථාපනය කර තිබේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙම හෙලිකොප්ටරය “ප්‍රචන්ද්” (දරුණු) ලෙස නම් කළ අතර, දිවා රාත්‍රියේ ක්‍රියාත්මක විය හැකි මෙහෙයුම් පද්ධතියක් සතුවන අතර සතුරු ඉලක්කවලට නිරවද්‍ය ලෙස පහර දිය හැකි බැවින් IAF හි සටන් හැකියාවන්ට සැලකිය යුතු සහයක් එක් කරන බව සඳහන් වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions