Home » ඉතිහාසයේ පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණ අංක 1 ට

ඉතිහාසයේ පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණ අංක 1 ට

by Nirodha Gamage

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට ජනතා විමුක්ති පෙරමුණ ජනමත විමසුමකදී පළමු ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන, පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයක් වන IHP ආයතනය මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. විමර්ශකයා වන්නේ IHP හි ආචාර්ය රවී රන්නන්-එලිය වන අතර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුම පිළිබඳ පුහුණුව ලබා ඇති අතර දශක තුනක් පුරා බොහෝ සමීක්ෂණ සිදු කර ඇත.

2023 ජනවාරි දක්වා සිදු කර ඇති නවතම මත විමසුම් සමීක්ෂණයේ ,ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) හා සමගි ජන බලවේගය අතර එළඹෙන මහා මැතිවරණයකදී කරට කර සටනක් ඇතිවිය හැකි බව තහවුරු වී තිබේ.

ඒ අනුව ජාතික ජන බලවේගය 32% ක ඡන්ද ප්‍රමාණයක්ද සමගි ජන බලවේගය 31% ඡන්ද ප්‍රමාණයක්ද ලබා ගනු ඇති බව සමීක්ෂණයේ ප්‍රතිපල මගින් පෙන්වා දෙයි.

2022 ජූලි නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගය 3% ක ජනතා කැමැත්තක්, ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) 1% ජනතා කැමැත්තක්, එක්සත් ජාතික පක්ෂය 5% ක ජනතා කැමැත්තක් වර්ධනය කරගන තිබේ.

එසේම සමීක්ෂණ වාර්තාව අනුව උතුරු – නැගෙනහිර පළාතේ ජනප්‍රියම දේශපාලන පක්ෂ ලෙස දෙමළ සන්ධානය හා සමගි ජන බලවේගය කටයුතු කරන අතර බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද හා වයඹ පළාත් වල ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions