Home » ඉතාලියේ අනුර සුළඟින් ආණ්ඩුව කැළඹෙයි

ඉතාලියේ අනුර සුළඟින් ආණ්ඩුව කැළඹෙයි

by Plus One

ඉතාලියේ වෙසෙන තම පාක්ෂිකයන් හමුවීම සදහා ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතාලියේ සංචාරයක නිරත වෙමින් පවතී.

මෙහිදී රෝමය, නාපෝලිය, කතානියා හා මිලානෝ හි ජනතා හමු වවීම් කිහිපයක් සඳහා අනුර කුමාර දිසානායක මහතා එක්වුනා. ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදය හමුවේ මීළඟ විකල්ප නායකයා ලෙස ඔහුව පිළිගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් එම හමුවීම සඳහා සහභාගි වූ බව වාර්තා වනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ජනහමු සඳහා වැඩි වශයෙන් සහභාගි වී ඇත්තේ තරුණ තරුණියන් වීමයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී විදේශගත වූ ශ්‍රී වූ ශ්‍රී ලාංකිකයන් ගේ මැදිහත් වීම සම්බන්ධයෙන් මනා විවරණය කින් යුතුව සභාව ඇමතූ අනුර කුමාර දිසානායක ඔවුන්ගේ දායකත්වය සවිඥානතාවය සම්බන්ධයෙන් ද අදහස් පළ ක⁣ළේය.

ඉතාලියේ මිලානෝ හි පැවති මෙම ජන හමුවේ සිදු කළ කතාව පහතින් 👇🏻

එසේ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා වෙනස් කිරීම, නීතිය විධානයේ ආධිපත්‍ය සුරැකීම රටක් ඇති කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම, ලෝකයත් එක්ක පිළිගන්න රටක් බවට පත් කිරීම, දූෂිතයින්ට දඬුවම් වැනි දේවල් ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණු බවයි.

කෙසේ වෙතත් ඉතාලියේ එසේ වෙද්දී , ශ්‍රී ලංකාවේ රනිල් – රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මෙම අනුරගේ ජනහමුව සම්බන්ධයෙන් දැඩි කැලඹීමකට පත් ව ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. 2024 ජනාදිපතිවරනය සහ ඉන් පසු මහ මැතිවරණය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආධිපත්‍ය තුළින් සිදුවේ යැයි, රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට සැක පළ කර තිබෙන බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions