Home » ඇම්නෙස්ටි ජාතන්තරයෙන් ශ්‍රී ලංකා පොලීසියට ඝාතන චෝදනා

ඇම්නෙස්ටි ජාතන්තරයෙන් ශ්‍රී ලංකා පොලීසියට ඝාතන චෝදනා

by Nirodha Gamage

“බලධාරීහු බලය භාවිතා කිරීමේදී සංයමයක් ක්‍රියාත්මක කළ යුතු අතර සාමකාමීව රැස්වීමට ඇති අයිතියට පහසුකම් සැලසිය යුතුය”

ඉරිදා ශ්‍රී ලංකාවේ කොළඹදී පොලීසිය විසින් නීති විරෝධී ලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කිරීම හේතුවෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් දුසිම් ගනනක් තුවාල ලබා ඇති බවට වූ පුවතට ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි විරෝධතා දැක්වීමේ අයිතිය පිළිබඳ කලාපීය පර්යේෂක හරින්ද්‍රිනී කොරයා මෙසේ කියා සිටියාය,

“රටේ මාස ගණනාවක් පුරා පැතිර ගිය විරෝධතාවලින් පසුව වුවද, සාමකාමීව රැස්වීමේ නිදහසට පහසුකම් සැලසීමේ සහ එක්රැස්වීම්වලදී බලය යෙදවීමේදී සංයමයෙන් කටයුතු කිරීමේ ඔවුන්ගේ යුතුකම ශ්‍රී ලංකා පොලිසියට නිරන්තරයෙන් මතක් කර දීමට සිදුවීම කනස්සල්ලට කරුණකි. පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අද තවත් මරණයක් ඇතුළු බොහෝ සාමකාමී විරෝධතාකරුවන්ගේ ජීවිත අහිමි විය.”

“සාමකාමී රැස්වීමක් අතරතුර, පුද්ගලයන්ට එරෙහිව පුලුල් ප්‍රචණ්ඩත්වයක් නොමැති අවස්ථාවක, හානි කිරීමට ඉහළ විභවයක් ඇති ආයුධ භාවිතා නොකළ යුතුය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හෝ පලා යාමට හැකියාවක් නොමැතිව සීමිත අවකාශයක සිටි අවස්ථාවක, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා බලය භාවිතා කිරීමේ ප්‍රමිතීන්ට පටහැනිව පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කළ බවත් ඊයේ වීඩියෝ පටවලින් පෙන්නුම් කරයි.”

“විරෝධතා සන්දර්භය තුළ වාර්තා වූ මරණ ඇතුළුව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සියලු චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ කඩිනමින් දියත් කළ යුතු අතර, සාධාරණ නඩු විභාගවලදී වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුය.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions