Home » ඇමති බන්දුලගේ මඟ යන ජන හා සංඛ්‍යා⁣ ලේඛණ දෙපාර්තමේන්තුව

ඇමති බන්දුලගේ මඟ යන ජන හා සංඛ්‍යා⁣ ලේඛණ දෙපාර්තමේන්තුව

by Plus One

2022 ඔක්තෝබර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහන ඉදිරිපත් කරන ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 13,810 ක් බවයි.

කෙසේ නමුත් මෙය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය වෙනස් වන බවත් එම වාර්ථාවේ සඳහන් වනවා.

වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයන්ට වන අතර එය රු. 14,894 ක මුදලක් බව එම වාර්ථාවේ සඳහන් වනවා.

එසේම, අඩුම වියදමකින් ජීවත් වීමට හැක්කේ මොණරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්රික්කයේ ජීවත්වන පුද්ගලයන්ට බව එම වාර්තාවේ සඳහන් වන අතර එය රු. 13,204 කි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතාව අදහස් දක්වන්නෙ ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ අප්‍රායෝගික ගමන් මඟ යමින් ඔහු විසින් ඉදිරිපත් කළ දෙදහස් පන්සීයෙන් ජීවත්විය හැකි කතාව මෙන්, තවත් එක් ෆැන්ටසි කතාවක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිර්මාණය කර ඇති බවයි. පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රටේ සෑම ප්‍රදේශයකම පාහේ ජීවත් වීමට දැඩි ලෙස අපහසු වන අතර සාමාන්‍යයෙන් මාසයක් තමන්ට පෞද්ගලිකව ජීවත්වීම සඳහා රුපියල් 30,000 ක පමණ මුදලක් වත් වියදම් වන බව ජනතාව සමාජ මාධ්‍ය තුළ තම අදහස් ප්‍රකාශ කරමින් දක්වා සිටිනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions