Home » ආයෙ Facebook වලින් ආණ්ඩුව පෙරළන කැරලි හදන්න බෑ – ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් අමාත්‍ය ටිරාන් අලස්

ආයෙ Facebook වලින් ආණ්ඩුව පෙරළන කැරලි හදන්න බෑ – ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් අමාත්‍ය ටිරාන් අලස්

by Plus One

ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්, අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ පනත යෝජනා කරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටි.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් යෝජනාද සමඟ නව පනත සම්මත කර සිවිල් සංවිධාන නියෝජිතයන් විවිධ සිවිල් සංවිධාන දුන් අලුත් චෝදනා ද ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ගැසට් කරන බවයි.

එමෙන්ම කැරැල්ලක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපචාර, කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම යන කරුණු ද ඔන්ලයින් පනත මගින් ආවරණය කෙරෙන බවත අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions