Home » ආණ්ඩු දෙදරන සජිත්ගේ කැම්බල් වෙඩිල්ල

ආණ්ඩු දෙදරන සජිත්ගේ කැම්බල් වෙඩිල්ල

by Plus One

“පෙරළියට මඟ කියන කරළියට ගොඩ වෙන්න” තේමාව යටතේ වත්මන් ජන පීඩක ආණ්ඩුව නෙරපා සර්වජන ඡන්ද බලයකින්ම සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමෙ පළමු වෙඩි මුරය හෙට කැම්බල් පිටියේදී නිකුත් කිරීමට නියමිතයි.

ඒ සමගි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) බොරැල්ල කැම්බල් පිටියේ සවස ප.ව 1ට සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය පැවැත්වේ.

එහිදී සජබ⁣යේ ප්‍රබලයන් රැසක් සහභාගී වීමට නියමිත අතර, “සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දිවයිනේ සැම දෙසින්ම සජබ ජනසේනා හෙට කැම්බල් පිටියට පැමිණෙන වග දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ⁣අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සජිත් ගේ මෙම වෙඩිමුරය රාජපක්ෂ දේශපාලනයට මරු පහරක් වනවා සේම, ආණ්ඩුවත් හෙල්ලී යන ආරම්භයක් බවයි.

සජබ යේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ව්‍යාජ පුවත් මවමින් ආණ්ඩුව ගෙන යන මඩ ප්‍රහාරයට නිහඬ මරු පහරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එල්ල කිරීමද මෙහිදී විශේෂයෙන් හුවා දැක්විය යුතුය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions