Home » “අපි හොරකම් කළ සල්ලි ගෙනාවොත් ලංකාවේ සියලු ණය ගෙවිය හැකියි” – නාමල් රාජපක්ෂ

“අපි හොරකම් කළ සල්ලි ගෙනාවොත් ලංකාවේ සියලු ණය ගෙවිය හැකියි” – නාමල් රාජපක්ෂ

by Nirodha Gamage

රාජපක්ෂලා උගන්ඩාවට ගුවන් යානයක් පුරවා ඩොලර් ගෙනගොස් සගවා ඇතැයි එල්ල කරන චෝදනාව අමූලික බොරුවක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින්.

කිසිවකු විසින් එම මුදල් මෙරටට ගෙන එන්නේ නම් එම මුදලින් ශ්‍රී ලංකාවේ සියලු ණය මුදල් ණය පියවා දැමිය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

රාජපක්ෂලා හොරකම් කළ මුදල් තමන් බලයට පැමිණි පසු ලබා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය පැවසුවත් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ද එවන් කිසිදු තොරතුරක් සොයා නොගත් බවද නාමල් කියා සිටියේය.

ලොව කොතැනක හෝ රාජපක්ෂවරුන් සතුව එවන් ගිණුම් ඇතැයි මෙතෙක් කිසිඳු තොරතුරක් හමු වී නැති බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයිද ඔහු කියා සිටියේය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions