Home » අකාලේ පර වූ මහතලා රණවිරුවා

අකාලේ පර වූ මහතලා රණවිරුවා

by Nipuna Fernando

අද අලුයම වැලිකන්ද ප්‍රදේශයේදී යුධ හමුදා ආරක්ෂක රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා කපිතාන්වරයෙකු මිය ගොස් ශ්‍රී ලංකා යුධ හමුදාවේ තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, සිංහපුර වැලිකන්ද මාර්ගයේ සිංහපුර සිට වැලිකන්ද දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩරය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ඉදිරි අසුනේ ගමන් ගත් කපිතාන්වරයා තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. මියගිය කපිතාන්වරයා මාතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි. ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 2013 වසර කන්ඩායමේ ආදී ශිෂ්‍යයෙක් වේ. ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට මාදුරුඔය යුද හමුදා කඳවුරට රාජකාරී කටයුතු සඳහා යමින් සිටි බව අනාවරණය විය. වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions