හිටපු ජනාධිපති රණසිංහ ප්රමදාසගේ බිරිඳ හා වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස සිය නිළ නිවස භාරදෙන බව ප්‍රකාශ කර තිබේ.
ඒ කිසිඳු දේශපාලන හේතුවක් නිසා නොවන බවත් තමන්ට ලැබුණු නිළ නිවස භාවිතා නොකළ බවත් තමන් වාසය කරන්නේ තම පෞද්ගලික නිවසක බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටින්නේ තම මව කිසි ලෙසකින් රජයේ දේපළ අවභාවිතා කර නොමැති බවත් තම පියා සිදු කළ රාජකාරිය වෙනුවෙන් තම මවට හිමිවන විශ්‍රාම වැටුප පිළිබඳව තමන් සතුටට පත්වන බවත්ය. ඇයට එම විශ්‍රාම වැටුප හා ආරක්ෂාව හිමිවිය යුතු බවත් තම මව නිළ නිවස භාරදීමට තීරණය කර ඇත්තේ ඇය විසින්ම ගත් ස්වාදීන තීරණයකට අනුව බවත් ඔහු කියා සිටි.