Home » සුන්දර පේරාදෙණියේ අසුන්දර කතාව!

සුන්දර පේරාදෙණියේ අසුන්දර කතාව!

by Nipuna Fernando

පසුගිය අගෝස්තුවේ සිට මේ දක්වා මානසික පීඩාකාරී තත්ත්ව හේතුවෙන් මනෝ උපදේශන සේවය ලබාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත සිසුවියන් 140 දෙනකු පැමිණ ඇති බවත්, මෙම පිරිස අතරින් 10%ක් පමණ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් පවසයි. ඒ අතරින් ඇතැම් සිසුවියන් අධික විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කර ගැනීමට පවා උත්සාහ කර තිබූ බවද වෛද්‍යවරිය ප්‍රකාශ කරයි. පසුගිය මාස අටක කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් සිවු දෙනෙකු සියදිවි හානිකර ගැනීමට පෙළඹීමත් සමග මනෝ උපදේශන සේවා පුළුල් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බවද වෛද්‍යවරිය පවසයි.

මේ වන විට සිසුවෙකුගේ මානසික තත්ත්වය බිඳවැටීමට හේතුවන කාරණා රැසක් සමාජය තුළින් පැනනැගී තිබෙන බවත්, දිගින් දිගටම ආතති තත්ත්වයෙන් පසුවන දරුවාට නිසි මග පෙන්වීමක් නොලැබුණහොත් ඔහු හෝ ඇය විශාදයට ගොදුරුවී ජීවිතය පවා නැතිකර ගන්නා තත්ත්වයකට පත්විය හැකි බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කරන ලදි.

විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවා සැපයීමේදී වෛද්‍ය හිඟය බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, වෛද්‍යවරු පස් දෙනෙකු අනුමත කාර්යමණ්ඩලයේ දැන් සිටින්නේ වෛද්‍යවරු තිදෙනෙක් පමණක් බවත් ඇය සඳහන් කරන ලදි. ඕනෑම විශ්වවිද්‍යාලයක මූලිකත්වය ලබා දෙන්නේ අධ්‍යාපනයට බවත්, කොවිඩ් වැනි තත්ත්වයකදී සෞඛ්‍ය අංශයේ වැදගත්කම ද යම් ප්‍රමාණයකට ඉස්මතු වූ බවත් කී වෛද්‍ය හේරත්, සිසුන් දිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ මනෝ උපදෙශනය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව ඇති බව අවධාරණය කරන ලදි.

උපුටනය :- lankasara

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions