Home » සජිතුත් දැන් කරට කර, හොරොව්පතානට අනුරට වඩා සෙනග ඇවිල්ලා

සජිතුත් දැන් කරට කර, හොරොව්පතානට අනුරට වඩා සෙනග ඇවිල්ලා

by Plus One

මෙම වසරේ පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. ප්‍රධාන තරඟකරුවන් අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පෙරමුණේ සිටින බවක් පෙනෙ.

කෙසේ වෙතත් දිගින් දිගටම ස්වාධීන නිරීක්ෂකයන් එළිදක්වන සමීක්ෂණ අනුව මේ තිදෙනා අතරිනුත් මහජනතාව වැඩියෙන්ම කැමති අනුර කුමාර දිසානායක මහතාට බව කියවේ.

නමුත් මේ සමීක්ෂණ ඇත්තටම ස්වාධීනද? මැතිවරණයට තවත් මාස කිහිපයක් පවතින වකවානුවක එම සමීක්ෂණ වාර්තා ඉදිරියේදී වෙනස් වෙයිද?

සමාජ මාධ්‍ය තුළ ජාතික ජනබලවේගයෙන් නායකයා පෙරමුණේ සිටින්නේ ඔහුගේ පක්ෂය විසින් තම සාමාජිකයන් 70,000ක් සමාජ මාධ්‍ය මෙහෙයවීම සඳහා පූර්ණ කාලීනයන් ලෙස යොදාගෙන ඇති නිසා බව පක්ෂයේම ඇතැමුන් ප්‍රසිද්ධියේ කියා සිටි.

මැතිවරණ ව්‍යාපාරවල මහජන රැලිවලට අනුරට මෙන්ම සජිත්ටත් ඔලු ගෙඩි පිරවීමට හැකියාවක් ඇති බව පෙනෙන්නට තිබෙ.

පසුගියදා හොරෝපතාන නගරයේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ මහජන රැළිය සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් ඊට 2,500කට ආසන්න ජනතාවක් සම්බන්ධ වූ බවත් සජබ අභ්‍යන්තර ආරංචි කියා සිටි.

සජිත් අනුර සෙනග පෙන්න පෙන්න කරන මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දින උණුසුම් වනු ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions