Home » ‘වෙනසක් හදන වසරක්’ ආණ්ඩු විරෝධී සජබෙ ජන රැළිය අද

‘වෙනසක් හදන වසරක්’ ආණ්ඩු විරෝධී සජබෙ ජන රැළිය අද

by Plus One

‘වෙනසක් හදන වසරක්’ තේමාව යටතේ ආණ්ඩුවට විරෝධය පෑමක් අද කොළඹ දී සිදු කරන්නට සැලසුම් කර ඇති අතර විශාල ජනරැලියක් අද හවස කොළඹ දී පවත්වන්නට අදාළ සංවිධාන කටයුතු සිදුකරමින් ඇති බවටත් සමගි ජන බලවේග ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

‘වෙනසක් හදන වසරක්’ තේමාව යටතේ මේ ඇරඹෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 2024 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයයි.

දිවයිනම ආවරණය වෙන පරිදි සමගි ජන බලවේගයේ ආධාරකරුවන් දස දහස් ගණනක් මෙම රැලියට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙන බවත්, එම පක්ෂයේ සියලු නායකයින් මෙම රැලියට සහභාගී වෙන බවත්, විපක්ෂයේ පක්ෂ නායකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වෙනු ඇතැයි ප්‍රකාශ කරන එම පක්ෂය, ඒ අනුව විපක්ෂ සන්ධානයක් ලෙස පුළුල්ව කටයුතු කරන බවට වූ සංඥාවක් මෙදින රටට ලැබෙනු ඇතැයිද ප්‍රකාශ කර සිටියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions