විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
1. පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ආචාර්යවරුන්ට වසර හත බැගින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වන අතර එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද විදේශගත වන බැවින් එම අවස්ථාවලදී පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබා දීම.
2. අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදාර්ශ පිලිතුරු පත්‍ර සැකසීම වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ගෙවන ගාස්තුවට බදු අය නොකිරීම.
3. ඔවුන්ට හිමි දීමනා වලින් බදු ඉවත් කිරීම.
4. විශ්ව විද්‍යාල උපකුලපතිවරු සම්මුඛ පරික්ෂණ පවත්වා පත් නොකිරීම
විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ යෝජනා මාලාවක් ලෙස මෙම ලියවිල්ල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කැබිනට් අනුමැතිය වෙනුවෙන් පැමිණ ඇති අතර එය සංශෝධනය කර යොමු කරන ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
පළමු ඉල්ලීම ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරන ලෙස පවසා ඇති බවත් අනෙකුත් ඉල්ලීම් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇති බව වාර්තා වේ.