Home » වරාය සේවකයෙකුගේ අවම වැටුප රුපියල් 171,000 යි

වරාය සේවකයෙකුගේ අවම වැටුප රුපියල් 171,000 යි

by Nirodha Gamage

වරාය අධිකාරියේ සේවකයකුගේ වැටුප රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ ( 08 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වරාය ඉඩම් විකිණීමට එරෙහිව වරාය සේවකයන් කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වරාය සේවකයෝ උද්ඝෝෂණය කරන්නේ ඉඩම් විකිණීමකට එරෙහිව නෙමෙයි. ඔවුන් උද්ඝෝෂණය කරන්නේ බදු ප්‍රතිපත්තියට විරුද්ධවයි. වරාය සේවකයකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවනවා. තුන් වේලම කෑම දෙනවා. බෝනස් දෙනවා. ඒ වගේම විවිධ සහන දෙනවා. එවැනි පහසුකම් දෙන විට තමයි මේ අය උද්ඝෝෂණ කරන්නෙත්. සේවක උද්ඝෝෂණ නිසා නැව් පහළොවක් හැරිලා ගියා. උද්ඝෝෂණවල ප්‍රතිඵල තමයි ඒ. ඒ නැව් ආවේ මම දැරූ උත්සාහයන් නිසයි. නැවත හැරී ගිය නැව් කිහිපයක් ගෙන්වා ගැනීමටත් හැකි වුණා. මෙරටට එන නැව් තමන් වෙත ඇද ගන්න ඉන්දියාවේ, බංග්ලාදේශයේ වරායන් බලා සිටිනවා යැයි ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions